අපේ මාතෘ භූමිය වර්තමානයේ මුහුණ දී ඇති අභියෝග නිවැරදිව හඳුනා ගනිමින් එම අභියෝග ජය ගැනීමට අවශ්‍ය ධෛර්ය, ශක්තිය හා දැක්මක් ඇතිව කටයුතු කිරීමට උදාවන නව වසරේ අප සියලු දෙනා අදිටන් කර ගත යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
2025 නව වසර වෙනුවෙන් සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් විපක්ෂ නායක සඳහන් කළේ, ඒ සඳහා ශ්‍රී ලාංකේය ජාතිය ගොඩනැගීම සඳහා වූ වැඩපිළිවෙළ තවදුරටත් ශක්තිමත් කළ යුතු බවයි.
විපක්ෂ නායක විසින් නිකුත් කළ නව අවුරුදු සුබ පැතුම් පණිවිඩයේ මෙසේද පවසනවා.
අතීතයේ මෙන් පටු වාර්ගික, ආගමික මතවාද තුළ බේදභින්න කළ දේශපාලනික වැඩසටහන් යළිත් ඉස්මතු නොවීමට කටයුතු කිරීම එහිදී අතිශය වැදගත් වේ. එමෙන් ම ගෙවී ගිය වසර හතරකට ආසන්න කාලය තුළ රටේ ජනතාව මුහුණ දුන් අවිනිශ්චිත බව, අපේක්ෂා භංගත්වය අවසන් කොට ජනතාවට මාතෘභූමිය තුළ රැදී සිටීමට හිතකර ආර්ථික, දේශපාලන, සමාජීය වාතාවරණය නිර්මාණය කිරීම අපගේ අපේක්ෂාවයි.
මෙහි දී අප සිදු කළ යුත්තේ අසහනය පරාජය කොට සහනය ජයග්‍රහණය කරවීම සඳහා වූ මාර්ගය නිවැරදිව එලිපෙහෙලි කර ගැනීම යි. රටේ ජනතාව මුහුණ දී ඇති ආර්ථික අර්බුදය හමුවේ බිඳවැටී ඇති ජීවිත යළිත් ගොඩනැගීමට නව ආර්ථික වැඩපිළිවෙලක් සහ ක්‍රියාදාමයක් අවශ්‍ය බව යළි යළිත් තහවුරු වෙමින් පවතී. එබැවින් රටේ අනාගතය වෙනුවෙන් දේශපාලන සමාජීය හා ආර්ථික ඉදිරි වැඩපිළිවෙල ශක්තිමත් කිරීමට නව වසරේ අපි කැපවීමෙන් කටයුතු කරමු.