47දෙනෙකුට දිවි අහිමි කළ දකුණු කොරියාවේ බිහිසුනු ගුවන් අනතුර

Published on

දකුණු කොරියාවේ මුආන් ගුවන් තොටපොළේදී ගුවන් යානයක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයින් 47 දෙනෙකු මියගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

ඔවුන් පවසන්නේ ජෙජු එයාර් සමාගමට අයත් ගුවන් යානය ගොඩබැස්වීමට යාමේදී, ධාවන පථයෙන් ඉවතට ගොස් තාප්පයක ගැටී අනතුරට ලක්ව ඇති බවයි.

තායිලන්තයේ බැංකොක් නුවර සිට පැමිණි මෙම යානය අනතුරට ලක් වන අවස්ථාව වන විට මගීන් 175 දෙනෙකු සහ කාර්ය මණ්ඩලයේ 06 දෙනෙකු සිට ඇති බව සදහන්.

එම මගීන් අතර දකුණු කොරියානුවන් 173 දෙනෙකු සහ තායිලන්ත ජාතිකයින් දෙදෙනෙකු වන බව වාර්තා වනවා.

යානය කඩා වැටීමත් සමඟ එහි අඩක් කැඩී ගොස් ගිනි ගැනීමට ලක් ව තිබෙනවා.

මේ වන විට පුද්ගලයින් දෙදෙනෙකු ජීවතුන් අතර සිටින බව සොයාගෙන ඇති අතර අනතුරට ලක්වූවන් ගලවා ගැනීමේ මෙහෙයුම් තවමත් සිදුවෙමින් පවතින බව ගලවා ගැනීමේ මෙහෙයුමේ නිරත නිලධාරින් පවසනවා.

Latest articles

ප්‍රංශයේ ට්‍රෑම් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් තුවාල ලැබූ පිරිස 68ක් දක්වා ඉහළට

ප්‍රංශයේ ස්ට්‍රාස්බර්ග් මධ්‍යම දුම්රිය ස්ථානයේ ට්‍රෑම් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයින් 68...

දුමින්ද සිල්වා ජාතික රෝහලෙන් බන්ධනාගාර රෝහලට

කොළඹ ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලැබූ ආර්.දුමින්ද සිල්වා සිරකරු නැවත බන්ධනාගාර රෝහලට ඇතුළත් කර...

තෛපොංගල් නිමිත්තෙන් හින්දු ආගමික රැඳවියන්ට අමුත්තන් පෙන්වයි

ලබන 14 වන දිනට යෙදී ඇති තෛපොංගල් දිනය නිමිත්තෙන් බන්ධනාගාරගත හින්දු ආගමික රැඳවියන්ට අමුත්තන්...

නිෂ්කාශනය කඩිනම් කිරීමට රේගු නිලධාරීන් දින හතම රාජකාරියට කැපවෙයි

පවතින තදබදය අවම කර ගනිමින් නිෂ්කාශන ක්‍රියාවලිය කඩිනම් කිරීම සඳහා ශ්‍රි ලංකා රේගු නිලධාරීන්...

More like this