මැදපෙරදිග කලාපය පිටත රාජ්‍යන්හි දේශපාලන ගොඳුරක් නොවිය යුතු බවට ඉරාන – චීන එකඟතාවක්

Published on

මැදපෙරදිග කලාපය ඉන් පිටත රාජ්‍යන්හි දේශපාලන ගොඳුරක් නොවිය යුතු බව චීනය සහ ඉරානය අවධාරණය කරනව තිබෙනවා.

චීනයේ නිල සංචාරයක නිරත ඉරාන විදේශ අමාත්‍ය Abbas Araqchi මහතා අද බෙයිජිංහි දී චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශ සාමාජික, විදේශ ඇමති Wang Yi මහතා හමු වුණා.

චීන-ඉරාන විස්තීර්ණ සහයෝගීතා සැලැස්ම ක්‍රියාත්මක කිරීම තවදුරටත් ප්‍රවර්ධනය කිරීමටත්, දේශපාලන හා රාජ්‍ය තාන්ත්‍රික මෙන්ම ව්‍යවස්ථාදායක ආයතනයන්හි ද නීතිය සහ යුක්තිය ක්‍රියාත්මක කිරීමටත්, ආර්ථික සහ වෙළඳ යන ක්ෂේත්‍රයන්හි රාජ්‍ය පාලනයේ අත්දැකීම් හුවමාරුව ශක්තිමත් කිරීමටත් මෙහිදී දෙපාර්ශ්වයම එකඟ වී තිබෙන බව සඳහන්.

මැදපෙරදිග කලාපය අයිති වන්නේ මැදපෙරදිග ජනතාවට බවත්, එය මහා බල තරඟ පිටියක් නොවන බවත්, කලාපයෙන් පිටත රටවල් අතර භූ දේශපාලන තරඟයේ සහ ගැටුම්වල ගොඳුරු නොවිය යුතු බවටත් මෙහිදී දෙපාර්ශවයම එකඟ වූ බව චීන විදේශ අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබෙනවා.

තවද ඉරාන න්‍යෂ්ටික ගැටළුව රාජ්‍ය තාන්ත්‍රික මාර්ග හරහා විසඳා ගැනීමටත්, ඊට අදාළ විස්තීරණ ගිවිසුම ආරක්ෂා කිරීමටත් චීනය සැමවිටම පෙනී සිටින බව ද Wang Yi මහතා මෙහිදී අවධාරණය කළ බවයි චීන මාධ්‍ය සමූහය පවසන්නේ.

Latest articles

දුමින්ද සිල්වා ජාතික රෝහලෙන් බන්ධනාගාර රෝහලට

කොළඹ ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලැබූ ආර්.දුමින්ද සිල්වා සිරකරු නැවත බන්ධනාගාර රෝහලට ඇතුළත් කර...

තෛපොංගල් නිමිත්තෙන් හින්දු ආගමික රැඳවියන්ට අමුත්තන් පෙන්වයි

ලබන 14 වන දිනට යෙදී ඇති තෛපොංගල් දිනය නිමිත්තෙන් බන්ධනාගාරගත හින්දු ආගමික රැඳවියන්ට අමුත්තන්...

නිෂ්කාශනය කඩිනම් කිරීමට රේගු නිලධාරීන් දින හතම රාජකාරියට කැපවෙයි

පවතින තදබදය අවම කර ගනිමින් නිෂ්කාශන ක්‍රියාවලිය කඩිනම් කිරීම සඳහා ශ්‍රි ලංකා රේගු නිලධාරීන්...

ඕස්ට්‍රේලියානු සත්වෝද්‍යානයක යෝධ මකුළුවෙක්

විෂ සහිත funnel-web වර්ගයේ යෝධ මකුළුවෙකු ඕස්ට්‍රේලියාවේ උරඟ උද්‍යානයකට භාර දී තිබෙනවා. එහි කාර්ය මණ්ඩලය...

More like this