හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (28) නේපාලයට පැමිණීමට නියමිතයි.
පෞද්ගලික සංචාරයක් සඳහා මෙලෙස හිටපු ජනාධිපතිවරයා නේපාලයට පැමිණීමට නියමිත බවයි එරට විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක ක්‍රිෂ්ණ ප්‍රසාද් ධකල් මහතා ප්‍රකාශ කළේ.
හිටපු ජනාධිපතිවරයා ලෙස ඔහුට අවශ්‍ය ආරක්ෂක විධිවිධාන සලසන බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් නේපාල විදේශ අමාත්‍යාංශ ප්‍රකාශකවරයා කියා සිටියේ.
හිටපු ජනාධිපතිවරයා නේපාලයේ රැඳී සිටින කාලය තුළ ලුම්බිණිය නැරඹීමට ද නියමිතයි.
හිටපු ජනාධිපතිවරයා සිය සංචාරය නිමවා ජනවාරි 01 වැනිදා යළි මෙරටට පැමිණිමට නියමිත බවයි පැවසෙන්නේ.