ඕස්ට්‍රේලියානු තරඟ සංශෝධනයට ශ්‍රී ලංකාවේ කැමැත්ත

Published on

ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනයෙන් කරන ලද ඉල්ලීම සලකා බලා ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ශ්‍රි ලංකා තරඟ සංචාරයේ සංශෝධනයක් සිදුකර තිබෙනවා.

ටෙස්ට් තරඟ දෙකකට සහ එක්දින තරඟයකට සහභාගීවීම සඳහා මෙරටට සංචාරය කිරීමටයි ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය මීට පෙර සැලසුම් කර තිබුණේ.

කෙසේ වෙතත් ශූරයින්ගේ කුසලාන තරඟාවලිය සඳහා සූදානම් වීමේ අරමුණින් තරඟාවලියට තවත් එක්දින තරඟයක් ඇතුළත් කරන ලෙස ඕස්⁣ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනයෙන් ඉල්ලීමක් කළා.

ඒ අනුව එම ඉල්ලීමට යහපත් ප්‍රතිචාරයක් දක්වමින් තරඟ සංචාරයට තවත් එක්දින තරඟයක් ඇතුළත් කිරීමට ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙන බව සඳහන්.

සංශෝධිත කාලසටහනට අනුව පළමු ටෙස්ට් තරඟය ලබන ජනවාරි 29 වැනිදාත්, දෙවන ටෙස්ට් තරඟය පෙබරවාරි 6 වැනිදාත් ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රිඩාංගණයේදි පැවැත්වීමට නියමිතයි.

එක්දින තරඟ දෙකම කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට තීරණය කර ඇති අතර ක්‍රීඩාංගණයේ ආලෝක කුළුණුවල සිදුකරන ප්‍රතිසංස්කරණ හේතුවෙන් තරඟ දෙකම දිවා තරඟ ලෙස පැවැත්වීමටයි තීරණය කර ඇත්තේ.

මේ අනුව එක්දින තරඟ දෙක ලබන පෙබවරවාරි මස 12 සහ 14 යන දිනයන්හිදි පවත්වනු ලබනවා.

ඕස්⁣ට්‍රේලියානු කණ්ඩායම ලබන 24 වැනිදා දිවයිනට පැමිණීමට නියමිතයි.

Latest articles

කේරළ ගංජා තොගයක් මන්නාරම වෙරළේ බෝට්ටුවක

මන්නාරම පේසාලේ වෙරළ ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක දී කේරළ ගංජා කිලෝ 218ක් සහ...

ගැරඬිඇල්ලේ බස් අනතුරින් තුවාල ලැබූවන් තවමත් රෝහලේ – කිහිපදෙනෙකුගේ තත්ත්වය බරපතලයි

කොත්මලේ ,රම්බොඩ, ගැරඬිඇල්ල ප්‍රදේශයේදී සිදුවූ බස් රථ අනතුරින් තුවාල ලැබූ 40කට අධික පිරිසක් තවදුරටත්...

ඇෆ්ගනිස්තානයේ චෙස් ක්‍රීඩාව තහනම්

ඇෆ්ගනිස්තානයේ තලේබාන් රජය විසින් චෙස් ක්‍රීඩාව නැවත දැනුම් දෙන තුරු තහනම් කර තිබෙනවා. ඒ චෙස්...

අමෙරිකාව සහ චීනය තීරුබදු කප්පාදු කිරීමේ ගිවිසුමකට එකඟ වෙයි

අමෙරිකාව සහ චීනය අන්‍යෝන්‍ය තීරුබදු කප්පාදු කිරීමේ ගිවිසුමකට එකඟ වූ බව ප්‍රකාශ කර තිබෙනවා. එක්සත්...

More like this