ජනපති අනුර මාඕ සේතුං ස්මාරකයට ආචාර දක්වයි

Published on

චීන ජනාධිපති ෂී ජින් පිං (Xi Jinping) මහතාගේ ආරාධනයකට අනුව චීනයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (15) මහජන චීන සමූහාණ්ඩුවේ නිර්මාතෘ සභාපති මාඕ සේතුං අනුස්මරණ ස්මාරකය වෙත පුෂ්පෝපහාර දක්වා ආචාරය දැක්වුවා.

ඊට ප්‍රථම පෙරවරුවේ චීන කොමියුනිස්ට් පක්ෂ ඉතිහාසය අඩංගු ප්‍රදර්ශන ශාලාව නැරඹීමට ජනාධිපතිවරයා කටයුතු කර තිබෙන බව කියයි.

ඉන් අනතුරුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා චීනයේ ඓතිහාසික ස්ථානයක් වන කුං මාළිඟා කෞතුකාගාරය නැරඹීමට එක් වුවා.

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් සහ ප්‍රවාහන, මහා මාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක යන මහත්වරුද මෙම අවස්ථාවන්ට එක් ව සිටි බව සඳහන්.

Latest articles

ජනපති අනුර හා චීන ජනපති අතර නිල හමුව ඇරඹෙයි

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ චීන ජනාධිපති ෂී ජින් පිං (Xi Jinping) මහතා...

ඕස්ට්‍රේලියානු තරඟ සංශෝධනයට ශ්‍රී ලංකාවේ කැමැත්ත

ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනයෙන් කරන ලද ඉල්ලීම සලකා බලා ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ...

වෙලේසුදා ඇතුළු තිදෙනෙකුට වසර 8ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්

හෙරොයින් මත්කුඩු ජාවාරම තුළින් උපයාගත් රුපියල් කෝටි ගණනක දේපළ සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත...

ඇත්තටම රාත්‍රී කාලයේ සීගිරිය ආලෝකවත් කරලද?

විදුලි අලෝකය යොදාගනිමින් රාත්‍රී කාලයේ සීගිරි පර්වතය ආලෝකවත් කර ඇති බවට සමාජ මාධ්‍යයේ පළවන...

More like this