Search for an article

මෝල්ටාව සහ ශ්‍රී ලංකාව රාජ්‍යතාන්ත්‍රික සබඳතාවන්හි 25 වැනි සංවත්සරයට ලඟාවෙයි

Published on

2025 වසරේදී, මෝල්ටාව සහ ශ්‍රී ලංකාව රාජ්‍යතාන්ත්‍රික සබඳතාවන්හි 25 වැනි සංවත්සරය සම්පූර්ණ වීමට නියමිතව තිබෙනවා.

ඒ වෙනුවෙන් නවදිල්ලි නුවර පිහිටි මොල්ටාවේ මහකොමසාරිස් කාර්යාලයේ ශ්‍රි ලංකාව පිළිබඳ මහකොමසාරිස් Reuben Gauci මහතා ඊයේ (27) කොළඹ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය හමුවුණා.

දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුටත් ශක්තිමත් කිරීමේ වැදගත්කම පිළිබඳව මෙම හමුවේදී අවධාරණය කෙරුණා.

ශ්‍රී ලංකාව සමඟ සහයෝගීතාව ශක්තිමත් කිරීම සඳහා මෝල්ටාව කැපවී ක්‍රියා කරන බව මහ කොමසාරිස් Reuben Gauci මහතා මෙහිදි අවධාරණය කර ඇති බව සඳහන්.

මෙහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය ලොව ප්‍රමුඛතම සංචාරක ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාවේ සංචාරක ⁣ක්ෂේත්‍රය නගාසිටුවීම පිළිබඳවත්, තොරතුරු තාක්ෂණ සහ සංචාරක ක්ෂේත්‍රවල රැකියා අවස්ථා නිර්මාණය කිරීමේ වැදගත්කම පිලිබඳවත් අවධාරණය කළා.

අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සාගරිකා බෝගහවත්ත , විදේශ කටයුතු අමාත්‍යාංශයේ යුරෝපා හා උතුරු අමෙරිකානු අංශයේ අධ්‍යක්ෂිකා ඉසුරිකා කරුණාරත්න යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

Latest articles

හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා සහ ඔහුගේ බිරිද CID අත්අඩංගුවට

හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා සහ ඔහුගේ බිරිද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන...

ඇමති උපාලි පන්නිලගේ මන්ත්‍රී ධුරයට එරෙහි පෙත්සමක් සලකා බැලීමට දින දෙයි

අමාත්‍ය ආචාර්ය, උපාලි පන්නිලගේ මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත්...

6 ශ්‍රේණියෙන් ඉහළ පාසල් සිසුවියන්ගේ සනීපාරක්ෂක ගැටළු පිළිබඳ අධ්‍යාපන ඇමතිතුමියගේ අවධානය

මෙරට පාසල්වල 6 ශ්‍රේණියෙන් ඉහළ සිසුවියන් ගේ සනීපාරක්ෂක ගැටළුවලට විසඳුම් ලබාදීම අරමුණු කරගත් සාකච්ඡාවක්...

නව රජයේ අදූශිත බව අයෝජකයන්ට හොද සංඥාවක් – ජූලි චන්ග්

එක්සත් ජනපද තානාපති ජූලි ඡන්ග් සහ කර්මාන්ත අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා අතර හමුවක් අද...

More like this