හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා සහ ඔහුගේ බිරිද CID අත්අඩංගුවට

Published on

හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා සහ ඔහුගේ බිරිද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

2014 වසරේ අගභාගයේදි බිංගිරිය සහ නාරම්මල යන ප්‍රදේශවල ගංවතුරෙන් අවතැන් වූ පුද්ගලයින් සදහා සහන සැලසීමේ අරමුණින් හිටපු අමාත්‍යාවරයා විසින් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මගින් රුපියල් 61 ලක්ෂ 46,116ක මුදලක් ලබාගෙන ඇති අතර එම මුදල් අවභාවිතා කිරීම මොවුන්ට එල්ලවන චෝදනාවයි.

කෙසේ වෙතත් එම මුදල් සහන කටයුතු සදහා භාවිතා නොකර 2015 වසරේ ජනාධිපතිවරණයේ ප්‍රචාරක කටයුතු සදහා භාවිතා කර ඇති බවයි පැවසෙන්නේ.

ඒ අනුව හිටපු අමාත්‍යාවරයා මේ හරහා මුදල් සාපරධි සාවද්‍ය පරිහරණයක් මෙන්ම පොදු දේපල යටතේ ගැනෙන වැරදි සිදුකර ඇති බවට අනාවරණය වී තිබෙනවා.

මේ හේතුවෙන් හිටපු අමාත්‍යා අනුර ප්‍රියදර්ශන යාපා මහතා සහ ඔහුගේ බිරිද මෙලෙස අද (22) පස්වරුවේ අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

ඔවුන් හෙට (23) දිනයේ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත අතර අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුරට පරික්ෂණ සිදුකරනු ලබනවා.

Latest articles

ඇමති උපාලි පන්නිලගේ මන්ත්‍රී ධුරයට එරෙහි පෙත්සමක් සලකා බැලීමට දින දෙයි

අමාත්‍ය ආචාර්ය, උපාලි පන්නිලගේ මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත්...

6 ශ්‍රේණියෙන් ඉහළ පාසල් සිසුවියන්ගේ සනීපාරක්ෂක ගැටළු පිළිබඳ අධ්‍යාපන ඇමතිතුමියගේ අවධානය

මෙරට පාසල්වල 6 ශ්‍රේණියෙන් ඉහළ සිසුවියන් ගේ සනීපාරක්ෂක ගැටළුවලට විසඳුම් ලබාදීම අරමුණු කරගත් සාකච්ඡාවක්...

නව රජයේ අදූශිත බව අයෝජකයන්ට හොද සංඥාවක් – ජූලි චන්ග්

එක්සත් ජනපද තානාපති ජූලි ඡන්ග් සහ කර්මාන්ත අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා අතර හමුවක් අද...

සතොස භාණ්ඩ වර්ග කිහිපයක මිල පහත දමයි

අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ කිහිපයක මිල පහත දැමීමට ලංකා සතොස ආයතනය පියවර ගෙන තිබෙනවා. අද (22)...

More like this