එක්සත් ජනපද තානාපති ජූලි ඡන්ග් සහ කර්මාන්ත අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා අතර හමුවක් අද (22)දින කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශයේ දී පැවැත්වුණා.
මෙහිදී ජාතික ජන බලවේගය ලබාගත් තියුණු ජනවරම පිළිබඳව සුබ පැතූ තානාපතිවරිය කර්මාන්ත අමාත්‍ය ලෙස පත්වීම පිළිබඳවද සුනිල් හඳුන්නෙත්ති මහතාට සුබ පැතුම් පලකලා.
නව රජය පත්වීමෙන් පසු ඇතිවූ දූෂණයෙන් තොර වූ ප්‍රසම්පාදන ක්‍රියාවලිය නිසා ආයෝජකයන්ට හොඳ සංඥාවක් ලැබී ඇති බවත් එක්සත් ජනපදය තුළ සිටින බොහෝ ආයෝජකයන් දැනට වෙනත් රටවල ඇති ඔවුන්ගේ කර්මාන්ත දකුණු ආසියාවට රැගෙන ඒමට උත්සාහ කරන නිසා ඉන් පංගුවක් ශ්‍රී ලංකාවට ලබාගත හැකි වනු බවත් තානාපතිවරිය පෙන්වා දුන්නා.
ඒ වෙනුවෙන් තමා සහයෝගය ලබාදෙන බවයි අමරිකානු තානාපතිවරිය මෙහිදි සදහන් කළේ.
ලංකාවේ ඛනිජ වැලි, ග්‍රැනයිට් වැනි ක්ෂේත්‍ර වලට ආයෝජන කිරීමට එක්සත් ජනපද ආයෝජකයන්ට මෙහිදි ආරාධනා කල අමරිකානු තානාපතිවරිය රජය කර්මාන්තකරුවන් මුහුණ දෙන නිෂ්පාදන පිරිවැය හා බදු සම්බන්ධ ගැටළු අවම කිරීමට පියවර ගන්නා බව ප්‍රකාශ කර තිබුණා