ඇමති උපාලි පන්නිලගේ මන්ත්‍රී ධුරයට එරෙහි පෙත්සමක් සලකා බැලීමට දින දෙයි

Published on

අමාත්‍ය ආචාර්ය, උපාලි පන්නිලගේ මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන පෙත්සමක් සලකා බැලීමට පෙබරවාරි මස 19 වනදා යළි කැඳවන ලෙස අභියාචනාධිකරණය නියෝග කර තිබෙනවා.

මෙම පෙත්සම අද (22) අභියාචනාධිකරණ විනිසුරු එම්. ගොපල්ලව මහතා ඉදිරියේ කැඳවූ අතර ඉන් පසුවයි අදාළ තීන්දුව ලබා දී ඇත්තේ.

එහිදී විනිසුරුවරයා පෙන්වා දුන්නේ මෙම පෙත්සම තුළින් පෙත්සම්කරුවන් අතුරු සහන ඉල්ලීමක් අපේක්ෂා කරන බැවින් වගඋත්තරකරුවන් සියලු දෙනාට නොතීසි ලබාදීමෙන් අනතුරුව පෙත්සම සලකා බැලීම සුදුසු බවයි.

ඒ අනුව මේ මස 27 වන දාට පෙර සියලු වග උත්තරකරුවන්ට නොතිසි යැවීමට පියවර ගන්නා ලෙසත් විනිසුරුවරයා විසින් පෙත්සම්කාර පාර්ශ්වයට නියෝග කර තිබෙනවා.

ඉන් අනතුරුව පෙත්සම සලකා බැලීම සඳහා පෙබරවාරි මස 19 වනදා කැඳවීමටයි නියෝග කළේ.

අභිනව නිවහල් පෙරමුණේ සභාපති ඔෂල හේරත් මහතා විසින් පෙත්සම ඉදිරිපත් කර තිබෙනවා.

එහි වගඋත්තරකරුවන් ලෙස අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ, පාර්ලිමේන්තු මහ ලේකම්, රුහුණ විශ්ව විද්‍යාලය සහ එහි උප කුලපති ඇතුළු පිරිසක් නම් කර ඇති බව සඳහන්.

පෙත්සම්කරු කියා සිටින්නේ අමාත්‍ය ආචාර්ය. උපාලි පන්නිලගේ මහතා පසුගිය මහ මැතිවරණයෙන් අනතුරුව ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් පාර්ලිමේන්තුවට පත්කළ අතර අමාත්‍යවරයා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් පත් කරන අවස්ථාවේ දීත් ඔහු රුහුණ විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා මහාචාර්යවරයෙකු වශයෙන් සේවය කරමින් සිටි බවයි.

ඒ අනුව රාජ්‍ය සේවයේ නිරතව සිටිය දී මෙලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් පත්කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 91 ව්‍යවස්ථාව යටතේ නීතියට පටහැනි බවත්, එය පාර්ලිමේන්තුවට තේරී පත්වීමට නුසුදුසුකමක් බවත් පෙත්සම මගින් පෙන්වා දී තිබෙනවා.

ඒ අනුව අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ මහතාට පාර්ලිමේන්තුවට තේරී පත්වීමට, අසුන් ගැනීමට සහ ඡන්දය ප්‍රකාශ කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ සුදුසුකම් නොමැති බවට තීන්දු කොට ඔහුගේ මන්ත්‍රී ධුරය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙසයි පෙත්සම්කරු අභියාචනාධිකරණයෙන් ඉල්ලා ඇත්තේ.

Latest articles

හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා සහ ඔහුගේ බිරිද CID අත්අඩංගුවට

හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා සහ ඔහුගේ බිරිද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන...

6 ශ්‍රේණියෙන් ඉහළ පාසල් සිසුවියන්ගේ සනීපාරක්ෂක ගැටළු පිළිබඳ අධ්‍යාපන ඇමතිතුමියගේ අවධානය

මෙරට පාසල්වල 6 ශ්‍රේණියෙන් ඉහළ සිසුවියන් ගේ සනීපාරක්ෂක ගැටළුවලට විසඳුම් ලබාදීම අරමුණු කරගත් සාකච්ඡාවක්...

නව රජයේ අදූශිත බව අයෝජකයන්ට හොද සංඥාවක් – ජූලි චන්ග්

එක්සත් ජනපද තානාපති ජූලි ඡන්ග් සහ කර්මාන්ත අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා අතර හමුවක් අද...

සතොස භාණ්ඩ වර්ග කිහිපයක මිල පහත දමයි

අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ කිහිපයක මිල පහත දැමීමට ලංකා සතොස ආයතනය පියවර ගෙන තිබෙනවා. අද (22)...

More like this