ඉන්දු ඕස්ට්‍රේලියා ටෙස්ට් ක්‍රිකට් තරඟයේ ඕස්‍ට්‍රේලියාව පෙරමුණේ

Published on

අද (27) පැවැත්වුණු සංචාරක ඉන්දීය කණ්ඩායම හා ඕස්ට්‍රේලියානු කණ්ඩායම අතර පැවැත්වෙන සිව්වැනි ටෙස්ට් ක්‍රිකට් තරඟයේ දෙවැනි දිනය මෙල්බර්න් ක්‍රීඩාංගනයේදී නිමා වුණේ තරඟයේ පාලනය ඕස්ට්‍රේලියාව දෙසට නතු කරමිනි.

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියාව ලබා ගත් ලකුණු සංඛ්‍යාව 474කි.

ඊට පිළිතුරු ලෙස පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ඉන්දියාව දිනය නිමා වන විට ලබා ගත්තේ කඩුලු 5 ක් දැවී ලකුණු 164ක් වේ.

අද දිනය ආරම්භ කරන විට ඕස්ට්‍රේලියාව කඩුලු 6 ක් දැවී ලකුණු 311 ක් ලබා සිටි අතර, ස්ටීවන් ස්මිත් රැස් කළ සුපිරි ශතකයෙන් ශක්තිමත් වෙමින් ඔවුන් ලකුණු 450 සීමාව ද පසු කර යාමට සමත් වූවා.

7 වැනි කඩුල්ලට ලකුණු 112ක සම්බන්ධතාවයක් ද ගොඩ නගමින් නායක පැට් කමින්ස් ලකුණු 49ක් ලබා ගනිමිනුයි තරඟයට සහායක් ලබා දුන්නේ.

ස්මිත් රැස් කළ ලකුණු ප්‍රමාණය හයේ පහර 3 ක් හා හතරේ පහර 13 ක් සමඟින් 140 (197) ක්.

උස්මාන් කවාජා ලකුණු 57 ක්, සෑම් කොන්ස්ටස් ලකුණු 60 ක්, හා මර්නස් ලබුෂේන් ලකුණු 72ක් ලබා ගැනීමට සමත් වූවා.

පන්දු යැවීමේ දී ජස්ප්‍රිට් බුම්රා ලකුණු 99කට දවා ගත් කඩුලු සංඛ්‍යාව 4 ක්.

එමෙන්ම රවීන්ද්‍ර ජඩේජා කඩුලු 3 ක් හා ආකාශ් දීප් කඩුලු 2 ක බැගින් බිඳ හෙලුවා.

පසුගිය තරඟ දෙකේදී මැද පෙළ පිතිකරුවෙකු ලෙස පන්දුවට පහරදුන් ඉන්දීය නායක රෝහිත් ෂර්මා ඉන්දීය පළමු ඉනිමේ දී ආරම්භක පිතිකරුවෙකු ලෙස පිටියට පිවිසි නමුත්, ඔහු ලකුණු 3කට දැවී යාමට යි සිදු වුණේ.

අංක 3 පිතිකරු වූ කේ. එල්. රාහුල් ලකුණු 24 යි.

එම කඩුලු දෙකම දවා ගත්තේ පැට් කමින්ස්ය.

අනතුරුව යශස්වි ජයිස්වාල් සමග පිටියට එක් වූ විරාත් කෝලි තෙවැනි කඩුල්ලට ලකුණු 102 ක සම්බන්ධතාවයක් ගොඩ නැගුවා.

නමුත් ජයිස්වාල් ලකුණු 82 කට දුවද්දී දැවී යාමත් සමඟයි තරඟයේ පාලනය ඕස්ට්‍රේලියාව දෙසට නතු වීම ආරම්භ වූයේ.

ස්කොට් බෝලන්ඩ් කෝලි ලකුණු 36කට දවා ගැනීමට සමත් වූ අතර, පසුව ඔහු විසින්ම ආකාශ් දීප්ගේ (ලකුණු 0) කඩුල්ල ද දවා ගනු ලැබුවා.

මේ වන විට ඉන්දියාව පළමු ඉනිමේදී ලකුණු සංඛ්‍යාව 310 ක් පිටුපසිනුයි පසුවන්නේ.

Latest articles

රුපියල් කෝටි ගණනක කුෂ් සමග විදෙස් තරුණියක් කටුනායක දී අත්අඩංගුවට

නීති විරෝධීව මෙරටට රැගෙන ආ රුපියල් කෝටි 46 ක් වටිනා කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමග...

නැවතුණු IPL ලබන 17 වැනිදා යළි ඇරඹෙයි

2025 ඉන්දීය ප්‍රිමියර් ලීග් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය මැයි 17 වැනිදා යළි ආරම්භ...

කේරළ ගංජා තොගයක් මන්නාරම වෙරළේ බෝට්ටුවක

මන්නාරම පේසාලේ වෙරළ ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක දී කේරළ ගංජා කිලෝ 218ක් සහ...

ගැරඬිඇල්ලේ බස් අනතුරින් තුවාල ලැබූවන් තවමත් රෝහලේ – කිහිපදෙනෙකුගේ තත්ත්වය බරපතලයි

කොත්මලේ ,රම්බොඩ, ගැරඬිඇල්ල ප්‍රදේශයේදී සිදුවූ බස් රථ අනතුරින් තුවාල ලැබූ 40කට අධික පිරිසක් තවදුරටත්...

More like this

රුපියල් කෝටි ගණනක කුෂ් සමග විදෙස් තරුණියක් කටුනායක දී අත්අඩංගුවට

නීති විරෝධීව මෙරටට රැගෙන ආ රුපියල් කෝටි 46 ක් වටිනා කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමග...

නැවතුණු IPL ලබන 17 වැනිදා යළි ඇරඹෙයි

2025 ඉන්දීය ප්‍රිමියර් ලීග් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය මැයි 17 වැනිදා යළි ආරම්භ...

කේරළ ගංජා තොගයක් මන්නාරම වෙරළේ බෝට්ටුවක

මන්නාරම පේසාලේ වෙරළ ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක දී කේරළ ගංජා කිලෝ 218ක් සහ...