ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මින් ඉදිරියට තනි පක්ෂයක් ලෙස අත ලකුණ යටතේ ඉදිරියේ දී කටයුතු කරන බවපක්ෂ මහ ලේකම් දුමින්ද දිසානායක මහතා පවසනවා.
පක්ෂ මූලස්ථානයේ දි අද(27) පැවති විශේෂ සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි ඔහු මේ බව කියා සිටියේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති නිමල් සිරිපාල ද සිල්වා මහතා සහ අනුර පියදර්ශන යාපා, දුමින්ද දිසානායක, ලසන්ත අලගියවන්න, වීර කුමාර දිසානායක, දුෂ්මන්ත මිත්‍රපාල යන මහත්වරුන් ද ඊට එක්ව තිබෙනවා.
ඒ අනුව ඉදිරියේදී පැවැත්වෙන පළාත් පාලන මැතිවරණය සහ පළාත් සභා ඇතුළු සියලු මැතිවරණ සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තනිව තරග කරන බවයි දුමින්ද දිසානායක මහතා පවසන්නේ.