උතුරු මැද පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය SM රංජිත් මහතා සර්වජන බලය සාමාජිකත්වය ලබා ගෙන තිබෙනවා.
අද (27) පෙරවරුවේ පක්ෂ මූලස්ථානයේ දි පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා අතිනුයි ඔහු මෙලෙස පක්ෂ සාමාජිකත්වය ලබා ගෙන ඇත්තේ.
ඒ අනුව සර්වජන බලය අනුරාධපුර දිස්ත්‍රික් සංවිධායක ධුරය SM රංජිත් මහතා වෙත පිරිනැමුණා.
SM රංජිත් මහතාගේ සහෝදරයා වන SM චන්ද්‍රසේන මහතා ද පසුගියදා සර්වජන බලය සමගින් එක් වූ අතර එහිදි ඔහුට පක්ෂයේ නියෝජ්‍ය සභාපති තනතුර ලබා දීමටයි පියවර ගැනුනේ.