ඉන්දියාවේ සංචාරයක නිරත හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා ඉන්දියාවේ හිටපු අග්රාමාත්ය මන් මෝහන් සිං මහතාගේ දේහයට අද (27) නව දිල්ලි අගනුවරදී අවසන් ගෞරව දැක්වූවා.
රනිල් වික්රමසිංහ මහතා මේ දිනවල ඉන්දීය සංචාරයක නිරතව සිටින අතර ඒ අතරතුරයි ඉන්දියාවේ හිටපු අග්රාමාත්යවරයාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා එක් වූයේ.
හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා එහිදී මන්මෝහන් සිං මහතාගේ බිරිය වන ගුර්ශරන් කෞර් කෝලි මහත්මියට සිය ශෝකය පළ කළා.
එම අවස්ථාවේ නව දිල්ලියේ සිං මහතාගේ නිවසට පැමිණ සිටි ඉන්දීය විපක්ෂ නායක රාහුල් ගාන්ධි මහතා සමඟද හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා කෙටි සාකච්ඡාවකට එක් වී තිබෙනවා.