ආනයනික සහල් නිස්කාශන කටයුතු ඊයේ (26) සිට යළි ආරම්භ කරනු ලැබුවා.
ඒ අනුව අද දින උදෑසන වන විට සහල් මෙට්‍රික් ටොන් 72000 ක් ආනයනය කර නිස්කාශන කර ඇති බවයි රේගුව පවසන්නේ.
ඉන් මෙට්‍රික් ටොන් 32000ක් කැකුලු සහල්ද මෙට්‍රික් ටොන් 40000ක් නාඩු සහල්ද වන බව සඳහන්.
මේ අතර රජය විසින් ආනයනය කළ පළමු සහල් තොගය අද මෙරටට ලැබීමට නියමිතයි.