තමන් සම්බන්ධයෙන් පළවන වාර්තාව පිළිබඳ මහින්දගෙන් පැහැදිලි කිරීමක්

Published on

තමන් සම්බන්ධයෙන් පළවන වාර්තාවක් සම්බන්ධයෙන් කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පැහැදිලි කිරීමක් සිදු කරනවා.

මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ‘අධ්‍යාපන ඇමති ලෙස හරිනි නිකුත් කළ ගැසට් දෙකම මහින්ද ජයසිංහ ආපසු හරවයි’ යන මැයෙන් පළවූ වාර්තා සම්පූර්ණයෙන් අසත්‍ය බවයි කම්කරු නියෝජ්‍ය අමාත්‍යවරයාගේ මාධ්‍ය ඒකකය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ.

ගුරු කාර්යක්ෂමතා කඩයිම් වෙනුවෙන් පවත්වනු ලබන මොඩියුල් පිළිබඳ පසුගියදා චක්‍රලේඛයක් නිකුත් කර තිබුණේ අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරියක විසින් බව එම නිවේදනයේ දැක්වෙනවා.

විෂය භාර ඇමතිනිය වන අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවියගේ කිසිදු අනුදැනුමකින් තොරව එම චක්‍රලේඛය නිකුත් කර ඇති බවද පැවසෙනවා.

එමෙන්ම බස්නාහිර පළාතේ රජයේ පාසල්වල ගුරුවරුන්ට සිය පාසලේ ළමුන් වෙනුවෙන් මුදල් ගෙවා උපකාරක පන්ති පැවැත්වීම තහනම් කරමින්ද චක්‍රලේඛයක් නිකුත් කර තිබුණා.

පළාත් අධ්‍යාපන ලේකම්වරිය විසින් එය සිදුකර තිබුණා.

අදාළ චක්‍රලේඛයද විෂය භාර අමාත්‍ය අග්‍රාමාත්‍යවරියගේ කිසිදු අනුදැනුමකින් තොරව නිකුත් කර ඇති බවයි කම්කරු නියෝජ්‍ය අමාත්‍යවරයාගේ මාධ්‍ය ඒකකය පවසන්නේ.

කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා මෙම ගැටලුවට මැදිහත් වූයේ දීර්ඝ කාලයක් ලංකා ගුරු සේවා සංගමයේ ලේකම්වරයා ලෙස ගුරු විදුහල්පතිවරුන්ගේ ගැටලු වෙනුවෙන් පෙනී සිටි බැවින් බවයි කම්කරු නියෝජ්‍ය අමාත්‍යාවරයාගේ මාධ්‍ය ඒකකය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ.

Latest articles

ත්‍රිරෝද රථ අමතර උපාංග සවිකිරීම ගැන සතුටු ආරංචියක්

ත්‍රිරෝද රථවල අමතර උපාංග සවි කළ හැකි නෛතික රාමුව හා සීමාවට අනුකූලව ත්‍රීරෝද රථවල...

හිටපු ජනපති රනිල් මාලදිවයිනේ හිටපු ජනපති හමුවෙයි

මාලදිවයිනේ හිටපු ජනාධිපති ⁣ඊබ්‍රහිම් මොහොමඩ් සෝලි මහතා සහ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර...

තෙල් ටැංකියට නැග්ග බලශක්ති ඇමති

නව රජයේ බලශක්ති ප්‍රතිපත්තියට හා වැඩ පිළිවෙලට අනුකූලව ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණය හරහා රටට...

රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතන ගැන අගමැති ගත් තීරණය

මෙරට රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතනවල ප්‍රමිතිය හා ගුණාත්මකභාවය සොයාබැලීම සම්බන්ධයෙන් පත් කර ඇති...

More like this