2025 වර්ෂයට රුපියල් 4000කට නොවැඩි වන විශේෂ අත්තිකාරම් මුදලක් රජයේ නිලධාරීන් වෙත ගෙවීමට රජය තීරණය කර තිබෙනවා.
රාජ්‍ය පරිපාලන ,පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් එස්.ආලෝක බණ්ඩාර මහතා විසින් මේ පිළිබද සියලු අමාත්‍යාංශ ලේකම්වරුන්,පළාත් ප්‍රධාන ලේකම්වරුන් සහ දෙපාර්තමේන්තු ප්‍රධානින් දැනුවත් කරමින් චක්‍රලේඛයක්ද නිකුත් කර තිබෙනවා.
මෙම අත්තිකාරම් ගෙවීම ලබන වසරේ ජනවාරි මස 1 වැනිදායින් ආරම්භ කර පෙබරවාරි 28 වන දිනයෙන් අවසන් කළ යුතු බව එම චක්‍රලේඛයේ සඳහන් වනවා.
පෙබරවාරි මස 28 වැනිදායින් පසු මෙම අත්තිකාරම් ගෙවීම නොකළ යුතු බවත් මෙම අත්තිකාරම් මුදල 2025 වර්ෂය තුළදීම අයකර අවසන් කළ යුතු බවත් එම චක්‍රලේඛයේ වැඩිදුරටත් සඳහන් වනවා.