තර්කානුකූල නොවන සේවා ස්ථාන මාරු කිරීමේ සැළසුම් සහගත වැඩපිළිවෙලක් ගැන සජබය කරන හෙළිදරව්ව්

Published on

රජයේ සහ පළාත් සභා ක්ෂේත්‍ර ගණනාවක නියුතු රාජ්‍ය නිලධාරීන් පිළිගත හැකි තර්කානුකූල නොවන පදනමකින් සේවා ස්ථාන මාරු කිරීමේ සැළසුම් සහගත වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වන බව දක්නට ලැබෙන බව සමගි ජන බලවේගය පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා මේ බව සඳහන් කළා.

පළාත් පාලන සහකාර කොමසාරිස්වරු,පළාත් පාලන ආයතන ලේකම්වරු මෙන්ම සමූපකාර සහකාර සංවර්ධන කොමසාරිස් වැනි මාණ්ඩලික මෙන්ම ක්⁣ෂේත්‍ර නිලධාරීන්ටද මෙය බලපා ඇති බවට වාර්තා වන බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.

රාජ්‍ය සේවයේ ස්වාධීනත්වය තහවුරු කිරීමට කටයුතු කරනවායැයි පොරොන්දුවක් ලබාදෙමින් බලයට පැමිණි ආණ්ඩුව මෙලෙස කටයුතු කිරීම ගැටළු සහගත බවයි සමගි ජන බලවේගය පවසන්නේ.

පළාත් පාලන මැතිවරණය නුදුරේදීම පැවැත්වීමට නියමිත බවත්,සමූපකාර සංගම් ඡන්ද විමසීම් මේ දිනවල පැවැත්වෙන බවත් මෙම ලිපිය මගින් විශේෂයෙන් අවධාරණය කර තිබෙනවා.

පෙර නොවූ විරූ පරිදි රාජ්‍ය සේවය තුළ දේශපාලනීකරණය වීමක් සිදුවෙමින් පැවතීම ඉදිරි මැතිවරණ ඉලක්ක කර ගත් වැඩපිළිවෙලක් ලෙස ආණ්ඩුව ක්‍රියාත්මක කරන බව පැහැදිලිවම දක්නට ලැබෙන බවයි සමගි ජන බලවේගය පවසන්නේ.

ඒ අනුව මේ පිළිබඳව සොයා බැලීම සදහා විශේෂ ඒකකයක් පිහිටුවීමටද සමගි ජන බලවේගය ක්‍රියා කර තිබෙනවා.

ඒ සඳහා නාමිකව හෝ නිර්නාමිකව තොරතුරු ලබාදීමට ඕනෑම කෙනෙකුට හැකි බවයි සමගි ජන බලවේගයේ මහලේකම්වරයා පවසන්නේ.

එමෙන්ම රජය සහ පළාත් මට්ටමින් අත්තනෝමතිකව සිදු කරනු ලබන සියලු මාරු කිරීම් අත්හිටුවන ලෙස රජයට සහ පළාත් සභා බලධාරින්ට අවධාරණය කරන බවයි සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ.

Latest articles

ත්‍රිරෝද රථ අමතර උපාංග සවිකිරීම ගැන සතුටු ආරංචියක්

ත්‍රිරෝද රථවල අමතර උපාංග සවි කළ හැකි නෛතික රාමුව හා සීමාවට අනුකූලව ත්‍රීරෝද රථවල...

හිටපු ජනපති රනිල් මාලදිවයිනේ හිටපු ජනපති හමුවෙයි

මාලදිවයිනේ හිටපු ජනාධිපති ⁣ඊබ්‍රහිම් මොහොමඩ් සෝලි මහතා සහ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර...

තෙල් ටැංකියට නැග්ග බලශක්ති ඇමති

නව රජයේ බලශක්ති ප්‍රතිපත්තියට හා වැඩ පිළිවෙලට අනුකූලව ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණය හරහා රටට...

රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතන ගැන අගමැති ගත් තීරණය

මෙරට රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතනවල ප්‍රමිතිය හා ගුණාත්මකභාවය සොයාබැලීම සම්බන්ධයෙන් පත් කර ඇති...

More like this

ත්‍රිරෝද රථ අමතර උපාංග සවිකිරීම ගැන සතුටු ආරංචියක්

ත්‍රිරෝද රථවල අමතර උපාංග සවි කළ හැකි නෛතික රාමුව හා සීමාවට අනුකූලව ත්‍රීරෝද රථවල...

හිටපු ජනපති රනිල් මාලදිවයිනේ හිටපු ජනපති හමුවෙයි

මාලදිවයිනේ හිටපු ජනාධිපති ⁣ඊබ්‍රහිම් මොහොමඩ් සෝලි මහතා සහ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර...

තෙල් ටැංකියට නැග්ග බලශක්ති ඇමති

නව රජයේ බලශක්ති ප්‍රතිපත්තියට හා වැඩ පිළිවෙලට අනුකූලව ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණය හරහා රටට...