වසර 05කට පසු ලංකාවට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව ලක්ෂ 20 ඉක්මවයි

Published on

වසර 05කට පසු ලංකාවට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව ලක්ෂ 20 ඉක්මවා තිබෙනවා.

ඒ අනුව 2024 වසරේ විසිලක්ෂ වැනි සංචාරකයා අද (26) දින පෙ.ව 10.49ට බණ්ඩාරණායක ජාත්‍යන්තර ගුවන්තොටුපලට පැමිණියා.

ඒ බැංකොක් සිට පැමිණි UL 403 ගුවන් යානයෙන්.

විසිලක්ෂ වැනි සංචාරකයා පිළිගැනීමට සංචාරක නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය රුවන් රණසිංහ මහතා සමඟ සංචාරක ප්‍රවර්ධන කාර්යංශයේ සභාපති බුද්ධික හේවාවසම් මහතා ගුවන්තොටුපළට පැමිණ සිටියා.

සංචාරකයා පිළිගැනීම සඳහා විශේෂ උත්සවයක් ද බණ්ඩාරණායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ Silk Route Loungeහි ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යංශය සංවිධානය කර තිබුණා.

මෙය වාර්ෂික සංචාරක පැමිණීම ලක්ෂ 20 ඉක්මවන සිව්වන අවස්ථාව වන අතර මීට පෙර ලක්ෂ 20 ඉක්මවා තිබුණේ 2016‍, 2017, 2018 වසරවල දී පමණයි.

2018 වසරින් පසුව වසරක් තුළ වැඩිම සංචාරකයින් පැමිණීම වාර්තා වන්නේ මේ වසරේදීයි.

දෙසැම්බර් මාසයේ පළමු දින 26 තුළ සංචාරකයන් 195127ක් පැමිණ ඇති අතර දෙසැම්බර් 31 මධ්‍යම රාත්‍රිය වන විට සංචාරකයන් 250000 ඉක්මවනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

පාස්කු ඉරිදා දින ප්‍රහාරය‍, කොවිඩ් වසංගතය සහ ආර්ථික අර්බුදය හේතුවෙන් සංචාරක කර්මාන්තය බිඳ වැටුණු අතර නව රජය පත් වීමෙන් පසු සංචාරක කර්මාන්තයේ ශීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කරනවා.

විදේශ සංචාරකයන් මුහුණ දුන් ඔන්ලයින් වීසා ගැටළු විසඳීම‍‍, සංචාරකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට අමතරව සංචාරක සේවා සපයන්නන් මුහුණ පෑ ගැටළු කඩිනමින් විසඳීමටත් වත්මන් රජය පියවර ගනු ලැබුවා.

ඒ අනුව ඉකුත් මාස 03ක කාලය තුළ පමණක් සංචාරකයන් 515,192ක් මෙරටට පැමිණ තිබෙනවා.

රටවල් 39කට නොමිලේ වීසා පහසුකම් ලබා දීමටත් නව රජය කටයුතු කරනු ලැබුවා.

ඒ 2025 වර්ෂයේ සංචාරකයන් ලක්ෂ 30ක් මේ රටට ගෙන්වා ගැනීමේ සැලැස්ම ක්‍රියාත්මක කිරීමටයි.

Latest articles

ත්‍රිරෝද රථ අමතර උපාංග සවිකිරීම ගැන සතුටු ආරංචියක්

ත්‍රිරෝද රථවල අමතර උපාංග සවි කළ හැකි නෛතික රාමුව හා සීමාවට අනුකූලව ත්‍රීරෝද රථවල...

හිටපු ජනපති රනිල් මාලදිවයිනේ හිටපු ජනපති හමුවෙයි

මාලදිවයිනේ හිටපු ජනාධිපති ⁣ඊබ්‍රහිම් මොහොමඩ් සෝලි මහතා සහ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර...

තෙල් ටැංකියට නැග්ග බලශක්ති ඇමති

නව රජයේ බලශක්ති ප්‍රතිපත්තියට හා වැඩ පිළිවෙලට අනුකූලව ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණය හරහා රටට...

රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතන ගැන අගමැති ගත් තීරණය

මෙරට රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතනවල ප්‍රමිතිය හා ගුණාත්මකභාවය සොයාබැලීම සම්බන්ධයෙන් පත් කර ඇති...

More like this

ත්‍රිරෝද රථ අමතර උපාංග සවිකිරීම ගැන සතුටු ආරංචියක්

ත්‍රිරෝද රථවල අමතර උපාංග සවි කළ හැකි නෛතික රාමුව හා සීමාවට අනුකූලව ත්‍රීරෝද රථවල...

හිටපු ජනපති රනිල් මාලදිවයිනේ හිටපු ජනපති හමුවෙයි

මාලදිවයිනේ හිටපු ජනාධිපති ⁣ඊබ්‍රහිම් මොහොමඩ් සෝලි මහතා සහ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර...

තෙල් ටැංකියට නැග්ග බලශක්ති ඇමති

නව රජයේ බලශක්ති ප්‍රතිපත්තියට හා වැඩ පිළිවෙලට අනුකූලව ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණය හරහා රටට...