චීනය සමග සහයෝගිතා තවදුරටත් තහවුරු කරන කරන බවට යුක්රේන ජනපතිගෙන් ප්‍රකාශයක්

Published on

චීනය සමග හුවමාරු හා සහයෝගිතා තවදුරටත් තහවුරු කිරීමට අපේක්ෂා කරන බව යුක්රේන ජනාධිපතිවරයා පවසනවා.

යුක්රේනයේ අගනුවර වන Kiev හිදී යුක්රේන ජනාධිපති Volodymyr Zelensky මහතා ඊයේ(23) යුක්රේනයේ නව චීන තානාපති Ma Shengkun මහතාගේ අක්තපත්‍ර භාර ගැනීමේ අවස්ථාවේදී මේ බව ප්‍රකාශ කළා.

චීන-යුක්රේන සබඳතාවේ විධිමත් සංවර්ධන ප්‍රවණතාව සක්‍රිය ලෙස අගය කරමින් චීනයේ ඒ ඒ මට්ටම අතර හුවමාරු ශක්තිමත් කර ආර්ථීක, වෙළඳාම හා මානව යන ක්ෂේත්‍රවල සහයෝගිතා දියුණු කිරීමට යුක්රේනය කැමැත්තෙන් සිටින බවද සෙලෙන්ස්කි මෙහිදී සඳහන් කළා.

මෙහිදී අදහස් දක්වමින් නව චීන තානාපතිවරයා ප්‍රකාශ කළේ, චීනය හා යුක්රේනය උපායමාර්ගික හවුල්කාරීත්වයෙන් යුත් රටවල් දෙකක් බවත් චීනය සෑමවිටම දිගුකාලීන දැක්මකින් යුක්රේනය සමග සබඳතාව පිළිබඳව සලකා බලමින් අදාළ සැලසුම් සම්පාදනය කරන බවයි.

එමෙන්ම චීනය යුක්රේනය සමග එක්ව දෙරට නායකයන්ගේ වැදගත් එකඟතාවන් ක්‍රියාත්මක කරමින් ඒ ඒ ක්ෂේත්‍රවල අන්‍යෝන්‍ය ජයග්‍රහණ ලබා ගත හැකි සහයෝගිතා ශක්තිමත් කිරීමෙන්, ද්විපාර්ශවික සබඳතාව තවදුරටත් සංවර්ධනය කර දෙරටේ ජනතාවට ප්‍රතිලාභ ලබා දීමට අපේක්ෂා කරන බවද හෙතෙම සඳහන් කළා.

Latest articles

දුමින්ද සිල්වා ජාතික රෝහලෙන් බන්ධනාගාර රෝහලට

කොළඹ ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලැබූ ආර්.දුමින්ද සිල්වා සිරකරු නැවත බන්ධනාගාර රෝහලට ඇතුළත් කර...

තෛපොංගල් නිමිත්තෙන් හින්දු ආගමික රැඳවියන්ට අමුත්තන් පෙන්වයි

ලබන 14 වන දිනට යෙදී ඇති තෛපොංගල් දිනය නිමිත්තෙන් බන්ධනාගාරගත හින්දු ආගමික රැඳවියන්ට අමුත්තන්...

නිෂ්කාශනය කඩිනම් කිරීමට රේගු නිලධාරීන් දින හතම රාජකාරියට කැපවෙයි

පවතින තදබදය අවම කර ගනිමින් නිෂ්කාශන ක්‍රියාවලිය කඩිනම් කිරීම සඳහා ශ්‍රි ලංකා රේගු නිලධාරීන්...

ඕස්ට්‍රේලියානු සත්වෝද්‍යානයක යෝධ මකුළුවෙක්

විෂ සහිත funnel-web වර්ගයේ යෝධ මකුළුවෙකු ඕස්ට්‍රේලියාවේ උරඟ උද්‍යානයකට භාර දී තිබෙනවා. එහි කාර්ය මණ්ඩලය...

More like this