‘චීන මහජන සමූහාණ්ඩුවේ විදේශ සම්බාධක විරෝධී නීතියේ’ විධිවිධාන අනුව කැනඩාවේ ආයතන 2ක් හා එහි පුද්ගලයින් 20කට එරෙහිව ප්‍රති ක්‍රියාමාර්ග ගැනීමට චීනය තීරණය කර ඇති බව චීන විදේශ අමාත්‍යංශය ප්‍රකාශ කරයි.
ඒ අනුව 2024 දෙසැම්බර් 21 දින සිට බලාත්මක වනු පරිදි කැනඩාවේ ” උයිගුර් මානව හිමිකම් උපදේශන ව්‍යාපෘතිය” සහ ” කැනේඩියානු ටිබෙට් කමිටුව” යන ආයතන දෙකට අයත් චීනය තුළ ඇති වත්කම් සීමා කිරීම ඇතුළු පියවරයන් කිහිපයක් ම ගෙන ඇති බව සඳහන් වේ.
එම ආයතන දෙක චීන සංවිධාන සහ පුද්ගලයන් සමග ගනුදෙනු කිරීම, සහයෝගීතා පැවැත්වීම ද තහනම් කර ඇති අතර, කැනඩාවේ ” උයිගුර් මානව හිමිකම් උපදේශන ව්‍යාපෘතිය ” සහ ” කැනේඩියානු ටිබෙට් කමිටුව” යන ආයතනයන්හි අදාළ පුද්ගලයින් 20දෙනාට අයත් චීනයේ ඇති වත්කම් ද සීමා කෙරෙන බවයි පැවසෙන්නේ.
එම පුද්ගලයින් 20 දෙනා සහ චීනයේ සංවිධාන හා පුද්ගලයන් අතර ගනුදෙනු මෙන්ම සහයෝගීතා පැවැත්වීම ද මෙමඟින් තහනම් කර ඇති බවත් ඔවුන්ට හොංකොං සහ මැකාවු යන කලාප දෙක ද ඇතුළුව චීන වීසා නිකුත් කිරීම ද අත්හිටුවන බව දැනුම් දී තිබෙනවා.