ක්‍රොඒෂියාවේ ප්‍රාථමික පාසලක සිදු කළ පිහි ඇනුමකින් හත් හැවිරිදි දරුවෙකු මරුට

Published on

ක්‍රොඒෂියාවේ සාග්‍රෙබ් ප්‍රාථමික පාසලක සිදු වූ පිහි ඇනුමකින් දරුවෙකු මියගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මියගොස් ඇත්තේ අවුරුදු 07 ක දරුවෙක්.

පිහි ඇනුම සිදු කර ඇත්තේ 19 හැවිරිදි එම පාසලේම අධ්‍යාපනය ලැබූ සිසුවෙකු බවයි කියන්නේ.

සෞඛ්‍ය ඇමතිනී Irena Hrstic පැවසුවේ ප්‍රහාරකයා පස් දෙනෙකුට පිහියකින් ඇනීමෙන් ඉන් 04දෙනෙකුට තුවාල සිදු වී ඇති අතර එක් අයෙකු මිය ගිය බවයි.

තුවාල ලැබූවන් අතර පාසලේ ගුරුවරයෙකු සිටින බව ද සඳහන්.

පසුව සැකකරු සියදිවි හානි කර ගැනීමට උත්සහ කර ඇති අතර පොලිසිය එය වළකමින් ඔහු අත්අඩංගුවට ගෙන ඇති බවයි කියන්නේ.

කෙසේ වෙතත් එම වාර්තා වැඩි දුරටත් පවසන්නේ සැකකරු මානසික ගැටලුවකින් පෙළෙන්නෙකු බවයි.

මෙම සිද්ධියත් සමග අද (21) දිනයේ ක්‍රොඒෂියාවේ ශෝක දිනයක් ද ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Latest articles

පන්ජාබයට නව නායකයෙක් – තරඟ කාලසටහනත් වෙනස් වේ

එළඹෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියේ පන්ජාබ් කිංග්ස් කණ්ඩායමේ නායක ලෙස ඉන්දීය සුපිරි පිතිකරු ශ්‍රෙයාස්...

යාපනයේ ජනතාවට තෛපොංගල් සැමරීමට ඉන්දියාවෙන් සහය

ආර්ථික අපහසුතාවයන් නිසා මෙවර තෛපොංගල් උළෙල සැමරීමට නොහැකිව අසරණව සිටි යාපනයෛ් පවුල් කිහිපයකට යාපනයේ...

සිව්දින සංචාරයක් සඳහා ජනපති චීනයට

සිව්දින චීන රාජ්‍ය සංචාරයක් සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (13) රාත්‍රියේදී දිවයිනෙන්...

ප්‍රංශයේ ට්‍රෑම් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් තුවාල ලැබූ පිරිස 68ක් දක්වා ඉහළට

ප්‍රංශයේ ස්ට්‍රාස්බර්ග් මධ්‍යම දුම්රිය ස්ථානයේ ට්‍රෑම් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයින් 68...

More like this