වික්ටෝරියා ප්‍රාන්තයේ ඇති වූ ලැව්ගින්න නැගෙනහිර ප්‍රදේශයට

Published on

ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ ඇති වී තිබෙන ලැව්ගින්න මේ වන විට ප්‍රාන්තයේ නැගෙනහිර ප්‍රදේශයට පැතිරෙමින් පවතිනවා.

පාලනයකින් තොර පැතිර යන මෙම ලැව්ගිනි මේ වන විට විවිධ ප්‍රදේශවලට පැතිර යමින් පවතින අතර ඒ හේතුවෙන් ජනතාවට වහාම ආපදා කලාප වලින් ඉවත්වන ලෙසයි උපදෙස් ලබා දී තිබෙන්නේ.

එමෙන්ම ඉදිරියේදී ලැව්ගින්න පැතිර යා හැකි බවට අනුමාන කරන තවත් නගර සඳහා ඉවත් කිරීමේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බව සඳහන්.

වික්ටෝරියා හි ග්‍රැම්පියන්ස් ජාතික වනෝද්‍යානයේ වේගයෙන් වර්ධනය වන මෙම ගින්නෙන් අද උදෑසන වන විට හෙක්ටයාර 28,000 ක් පමණ විනාශ වී ඇති බවයි කියන්නේ.

අසල නගර වන බෙල්ෆීල්ඩ්, බෙල්ෆීල්ඩ් සෙට්ල්මන්ට්, ෆ්ලැට් රොක් ක්‍රොසින්, ෆියන්ස් ක්‍රීක්, ග්‍රැම්පියන්ස් juntion සහ හෝල්ස් ගැප් යන නගරවල පදිංචිකරුවන්ට දන්වා ඇත්තේ වහාම ඉවත් වන ලෙසයි.

ඉවත් කරන ලද පදිංචිකරුවන් සඳහා සහන මධ්‍යස්ථානයක් Ararat හි Alexandra Oval ප්‍රජා මධ්‍යස්ථානයේ විවෘත කර තිබෙනවා.

කෙසේ නමුත් හදිසි සේවා අංශ පැවසුවේ ගින්න පැතිරීම මන්දගාමී කිරීමට ගිනි නිවන භටයින්ට හැකි වී ඇති නමුත් එක රැයකින් එම ගින්න ඇවිලෙන ප්‍රමාණය තුන් ගුණයකින් වැඩි වූ බවයි.

මේ අතර මැසිඩෝන් කලාපයේ බුලෙන්ගරුක් හි මෙල්බර්න් නගරයට වයඹ දෙසින් පිහිටි කොෆීස් පාරේ සිට උතුරට පාලනය කළ නොහැකි ගින්නක් හේතුවෙන් නිවැසියන්ට හදිසි ඉවත් කිරීමේ අනතුරු ඇඟවීමක් ද නිකුත් කර ඇති බව පවසනවා.

පස්වරු 2.30 න් පසු පිටව යාම ජීවිතයට තර්ජනයක් විය හැකි බවටයි බලධාරීන් අනතුරු අඟවා ඇත්තේ.

මෙම ගින්න හේතුවෙන් Coffeys Road සහ Waterloo Flat Road වසා දමා ඇති අතර 44 Campaspe Place හි Kyneton තුරඟ තරඟ පිටියේ ඉවත් කිරීමේ මධ්‍යස්ථානයක් පිහිටුවා තිබෙනවා.

වික්ටෝරියාහි ගිනි නිවන අධිකාරියේ ප්‍රධාන ගිනි නිවන නිලධාරි ජේසන් හෙෆර්නන් ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ නත්තල දක්වා උණුසුම් උෂ්ණත්වයක් පවතිනු ඇතැයි අපේක්ෂා කරන බැවින්, ඒ සඳහා කලින් සැලසුම් කිරීමට හෝ සුදානම් වීමට මිනිත්තු කිහිපයක් වැය කිරීමෙන් ඔබ ආදරය කරන අයගේ ජීවිත බේරා ගත හැකි බවයි.

Latest articles

රුපියල් කෝටි ගණනක කුෂ් සමග විදෙස් තරුණියක් කටුනායක දී අත්අඩංගුවට

නීති විරෝධීව මෙරටට රැගෙන ආ රුපියල් කෝටි 46 ක් වටිනා කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමග...

නැවතුණු IPL ලබන 17 වැනිදා යළි ඇරඹෙයි

2025 ඉන්දීය ප්‍රිමියර් ලීග් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය මැයි 17 වැනිදා යළි ආරම්භ...

කේරළ ගංජා තොගයක් මන්නාරම වෙරළේ බෝට්ටුවක

මන්නාරම පේසාලේ වෙරළ ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක දී කේරළ ගංජා කිලෝ 218ක් සහ...

ගැරඬිඇල්ලේ බස් අනතුරින් තුවාල ලැබූවන් තවමත් රෝහලේ – කිහිපදෙනෙකුගේ තත්ත්වය බරපතලයි

කොත්මලේ ,රම්බොඩ, ගැරඬිඇල්ල ප්‍රදේශයේදී සිදුවූ බස් රථ අනතුරින් තුවාල ලැබූ 40කට අධික පිරිසක් තවදුරටත්...

More like this

රුපියල් කෝටි ගණනක කුෂ් සමග විදෙස් තරුණියක් කටුනායක දී අත්අඩංගුවට

නීති විරෝධීව මෙරටට රැගෙන ආ රුපියල් කෝටි 46 ක් වටිනා කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමග...

නැවතුණු IPL ලබන 17 වැනිදා යළි ඇරඹෙයි

2025 ඉන්දීය ප්‍රිමියර් ලීග් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය මැයි 17 වැනිදා යළි ආරම්භ...

කේරළ ගංජා තොගයක් මන්නාරම වෙරළේ බෝට්ටුවක

මන්නාරම පේසාලේ වෙරළ ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක දී කේරළ ගංජා කිලෝ 218ක් සහ...