ශකීබ් අල් හසන්ට ICCහි අනුමත ක්‍රිකට් තරඟවල පන්දු යැවීම අත්හිටුවයි.

Published on

බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක ශකිබ් අල්-හසන්ට ICCහි අනුමැතිය ඇති ජාතික ක්‍රිකට් සංගම් මගින් සංවිධානය කරනු ලබන දේශීය හෝ විදේශීය තරඟාවලිවලදී පන්දු යැවීම අත්හිටුවා තිබෙනවා.

බංගලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමිනුයි මේ බව පැවසුවේ.

ඒ පසුගිය සැප්තැම්බර් මාසයේ පැවති එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් තරඟයකදී ඔහු පන්දුව දමා ගැසූ බවට චෝදනා කරමින් එංගලන්ත සහ වේල්ස් ක්‍රිකට් පාලක මණ්ඩලය මගින් එරට පැවැත්වෙන ක්‍රිකට් තරඟවලදී ශකිබ්ට පන්දු යැවීම තහනමට ලක් කිරීම සැලකිල්ලට ගනිමින්.

ශකිබ් සිය පන්දු යැවීමේ ඉරියව්ව නැවත පරීක්ෂණයකට ලක්කළ යුතු බවයි බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.

ඔහු මේ වනවිට ශ්‍රී ලංකාවේ පැවැත්වෙන T10 තරඟාවලිය සඳහා එක්ව සිටිනවා.

ටෙස්ට් සහ T20 ජාත්‍යන්තර තරඟවලින් සමුගත් ශකිබ් අල් හසන් එක්දින ජාත්‍යන්තර තරඟ සඳහා තවමත් බංග්ලාදේශය නියෝජනය කරනු ලබයි.

Latest articles

රුපියල් කෝටි ගණනක කුෂ් සමග විදෙස් තරුණියක් කටුනායක දී අත්අඩංගුවට

නීති විරෝධීව මෙරටට රැගෙන ආ රුපියල් කෝටි 46 ක් වටිනා කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමග...

නැවතුණු IPL ලබන 17 වැනිදා යළි ඇරඹෙයි

2025 ඉන්දීය ප්‍රිමියර් ලීග් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය මැයි 17 වැනිදා යළි ආරම්භ...

කේරළ ගංජා තොගයක් මන්නාරම වෙරළේ බෝට්ටුවක

මන්නාරම පේසාලේ වෙරළ ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක දී කේරළ ගංජා කිලෝ 218ක් සහ...

ගැරඬිඇල්ලේ බස් අනතුරින් තුවාල ලැබූවන් තවමත් රෝහලේ – කිහිපදෙනෙකුගේ තත්ත්වය බරපතලයි

කොත්මලේ ,රම්බොඩ, ගැරඬිඇල්ල ප්‍රදේශයේදී සිදුවූ බස් රථ අනතුරින් තුවාල ලැබූ 40කට අධික පිරිසක් තවදුරටත්...

More like this