ඉන්දීය සම්මානනීය තබ්ලා වාදක සකීර් හුසේන් අභාවප්‍රාප්ත වී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.
මියයන විට ඔහුට වයස අවුරුදු 73ක්.
ඔහු උපත ලබා ඇත්තේ 1951 මාර්තු 9 වන දිනයි.
ජනප්‍රිය තබ්ලා විශාරද උස්තාද් අල්ලා රාඛා සකීර්ගේ පියා වේ.
සකීර්ගේ පවුලේ අය සඳහන් කර ඇත්තේ ඔහු අසනීප තත්ත්වයෙන් පසු වූ බවත් සැන් ෆ්රැන්සිස්කෝහි රෝහලකදී මිය ගිය බවයි.
ඔහුගේ සංගීත වෘත්තීය ජීවිතය තුළ මේ වසර මුලදී 66 වන ග්‍රැමී සම්මාන උළෙලේදී සම්මාන තුනක් ද ඇතුළුව ඔහු ග්‍රැමී සම්මාන හතරක් ලබා තිබෙන බව සඳහන්.
එමෙන්ම ඔහු 1988 දී පද්ම ශ්‍රී, 2002 දී පද්ම භූෂණ සහ 2023 දී පද්ම විභූෂණ සම්මානවලින්ද පිදුම් ලැබුවා.