ධීවරයින්ට ‘සයුර’ නමින් විශේෂ හදිසි අනතුරු රක්‍ෂණ යෝජනා ක්‍රමයක්…

Published on

ධීවරයින්ට ‘සයුර’ නමින් විශේෂ හදිසි අනතුරු රක්‍ෂණ යෝජනා ක්‍රමයක් හදුන්වා දී තිබෙනවා.

ඒ , කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය විසින්.

ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේද සහයෝගය ඇතිව එම රක්ෂණාවරණය ක්‍රියාත්මක කරන බවයි එම මණ්ඩලය සඳහන් කළේ.

ධීවර කර්මාන්තයේ යෙදීම නිසා සිදුවන ජීවිත අවදානම පිළිබඳව විශේෂයෙන් සලකා බලා මෙම රක්‍ෂණ යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කෙරෙනවා.

මෙය සකස් කර ඇත්තේ වාර්ෂිකව අලුත් කරගත හැකි පරිදි හා ධීවර ජනතාවගේ මූල්‍ය තත්ත්වයට අනුව ආවරණ මට්ටම් 03කින් සමන්විතව සහ ඉතා සුළු වාරික මුදලක් යටතේ දායකවිය හැකි පරිදියි.

එයින් ධීවර කර්මාන්තයේ යෙදීමේ දී හදිසි අනතුරු තත්ත්වයන් මත සිදුවන ජීවිත අහිමිවීම්, පූර්ණ හා තාවකාලික අකර්මණ්‍යතාවයන් සඳහා මෙන්ම හදිසි අනතුරු හේතුවෙන් වන රෝහල්ගත වීම් සහ අවමංගල්‍ය කටයුතු ආවරණය කරමින් මෙම රක්ෂාවරණයෙන් ප්‍රතිලාභ හිමිවනු ඇති.

මෙය ලබන 01 වැනිදා සිට ක්‍රියාත්මක බවයි කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය සඳහන් කළේ.

Latest articles

මෙරට කිසිදු ඉන්ධන හිඟයක් නැහැ – බලශක්ති අමාත්‍ය

මැද පෙරදිග යුද ගැටුම් පැවතිය ද මෙරට කිසිදු ඉන්ධන හිඟයක් නොමැති බව බලශක්ති අමාත්‍ය...

කවදාවත් යටත් වෙන්නේ නැහැ – ඉරාන උත්තරීතර නායක අලි කමේනි

ඉරානය කෙදිනකවත් යටත් නොවන බව එරට උත්තරීතර නායක අලි කමේනි පවසනවා. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ...

මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතාගේ සේවය ඇගයේ

අයහපත් දේ වළක්වා ගැනීමට පොරබැඳීම මෙන්ම යහපත් දේ නිර්මාණය කිරීමට දායක වීම රාජ්‍ය නිලධාරින්ගේ...

වැලිගෙපොළ ප්‍රාදේශීය සභාවේ සභාපති ධුරය සමගි ජන බලවේගයට

පසුගිය දා පැවැති පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල අනුව විපක්ෂයට වැඩි බහුතරයක් හිමි වැලිගෙපොළ ප්‍රාදේශීය...

More like this