කැලිෆෝනියාවේ – සැන් ෆ්‍රැන්සිස්කෝ නගරයට ටොනේඩෝ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙන බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා.
පැයට කිලෝමීටර 96 ක වේගයෙන් ගමන් කරන සුළං හේතුවෙන් නගරයේ ඇතැම් ප්‍රදේශවලට ගිඟුරුම් සහිත වැසි පවතින බවයි එම වාර්තා සඳහන් කරන්නේ.
එමෙන්ම, උතුරු සහ මධ්‍ය කැලිෆෝනියාවේ දෙලක්ෂ 21,000 කට වැඩි පිරිසක් සදහා විදුලිය ද විසන්ධි වී ඇති බව කියයි.
කෙසේ වෙතත් මීට පෙර කැලිෆෝනියාවේ උතුරු වෙරළෙහි ඇති වූ රික්ටර් මාපක 7.0 භූකම්පනය හේතුවෙන් නිකුත් කළ සුනාමි අනතුරු ඇඟවීමෙන් සතියකට පසුවයි මෙලෙස ටොනේඩෝ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙන්නේ.