එක්සත් ජාතීන්ගේ සාම සාධක අමාත්‍ය මණ්ඩල සමුළුවට ලංකාවෙන් විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එක් වෙයි

Published on

බර්ලිනයේ පැවති එක්සත් ජාතීන්ගේ සාම සාධක කටයුතු සඳහා වන අමාත්‍ය මණ්ඩල සමුළුවට ශ්‍රී ලංකා විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා සහභාගී වුණා.

ඔහු එම සමුළුවට සහභාගී වූයේ ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායමේ ප්‍රධානියා ලෙස යි.

එම අමාත්‍ය මණ්ඩල රැස්වීමට සමගාමීව, නියෝජ්‍ය අමාත්‍යවරයා හා ජපානයේ විදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ෆුජි හිසායුකි මහතා අතර හමුවක් පවත්වා තිබෙනවා.

එහිදී දෙපාර්ශ්වය අතර වූ සාකච්ඡාවලදී අවධානය යොමු වී ඇත්තේ එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම් සඳහා ශ්‍රී ලංකා-ජපාන සහයෝගීතාව වැඩි දියුණු කිරීම කෙරෙහියි.

විශේෂයෙන් මෙහිදී මානුෂීය ඉංජිනේරු විද්‍යාව, වෛද්‍ය ආධාර සහ ආපදා ප්‍රතිචාර වැනි ක්ෂේත්‍රවල ජපානයේ විශේෂඥතාව බෙහෙවින් අගය කර ඇති අතර ඒකාබද්ධ පුහුණුව, වෘත්තීයභාවය සහ බහුපාර්ශ්වික සහයෝගීතාව සඳහා ලංකා රජයේ හවුල් කැපවීම නැවත තහවුරු කර තිබෙනවා.

එමෙන්ම බර්ලිනයේ පිහිටි එක්සත් ජාතීන්ගේ සාම සාධක අමාත්‍යාංශයේ දී නියෝජ්‍ය අමාත්‍යවරයා ඇතුළු පිරිස චෙක් රාජ්‍යයේ විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය Jiří Kozák මහතා අතර හමුවක් අද දිනයේයි පවත්වා ඇත්තේ.

එහිදී එම හමුවේ දී සාකච්ඡා වී ඇත්තේ සාම සාධක, සංචාරක සහ කාර්මික සංවර්ධනය සදහා සහයෝගීතාව පුළුල් කිරීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කර ඇති අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්‍තිමත් කිරීම පිළිබඳවයි.

තවද දෙරටේ ජනතාවට ප්‍රතිලාභ සැලසෙන සහයෝගීතාවයේ නව මාවත් ගවේෂණය කිරීමට දෙපාර්ශවයම කැපවී සිටින බවට ද ඔවුන් ප්‍රකාශ කර තිබෙනවා.

ශ්‍රී ලංකා හමුදාවේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් ලංකා අමරපාල, නිව්යෝර්ක් හි එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය මෙහෙවරේ හමුදා උපදේශක බ්‍රිගේඩියර් සුමල් වික්‍රමසේකර, මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ, විශේෂ කාර්ය සාධක බලකායේ (STF) පොලිස් අධිකාරී, විමලරත්න රත්නායක, මෙම සමුළුවට නියෝජ්‍ය අමාත්‍යවරයා සමඟ සහභාගී වූ පිරිස අතර වේ.

Latest articles

කැනඩාවේ දෙමළ ජනසංහාර ස්මාරකය ඉදිකිරීම සම්බන්ධයෙන් ලංකාවේ විරෝධය

කැනඩාවේ දෙමළ ජනසංහාර ස්මාරකය ඉදිකිරීම සම්බන්ධයෙන් විරෝධය පළ කරන බව නිවේදනයක් නිකුත් කරමින් විදේශ...

ජනාධිපති කාර්යාලයේ අධි සුඛෝපභෝගී වාහන වෙන්දේසියේ දෙවන අදියර හෙට

ජනාධිපති කාර්යාලයේ අධි සුඛෝපභෝගී වාහන වෙන්දේසියේ දෙවන අදියර ලෙස සුඛෝපභෝගී වාහන සහ භාවිතයෙන් ඉවත්...

බහුතරය හිමි නොවූ පළාත් පාලන ආයතනවල බලය පිහිටු වන්න විපක්ෂ නායකයින් එකඟතාවයකට පැමිණෙයි

ජාතික ජන බලවේගයට බහුතරය හිමි නොවූ මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා...

දළදා ප්‍රදර්ශනය ගැන දියවඩන නිලමේ පැවසුවා යැයි සමාජ මධ්‍යයේ හුවමාරු වන ප්‍රකාශය සාවද්‍යයි – දළදා මාලිගා මාධ්‍ය කාර්යාංශය

ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේතුමන් පැවසුවා යැයි කියන ප්‍රකාශයක් භාවිත කරමින් සමාජ මාධ්‍යවල හුවමාරු...

More like this