කොත්මලේ ප්‍රාදේශීය රෝහලේ පහසුකම් නැංවීම සහ පවිත්‍රකරණය වෙනුවෙන් “Clean Sri Lanka ” වැඩසටහන එක්ව පිරිසිදු කිරීමේ කාර්යන් රැසක් ඉටු කරනු ලැබුවා.
ඒ අනුව රෝහල් වාට්ටු සංකීර්ණය සහ රෝහල් පරිශ්‍රය පිරිසිදු කරමින්, රෝගින්ගේ ප්‍රතිකාර කටයුතු සඳහා පහසු පරිසරයක් සකස් කර දීමට මෙන්ම අනෙකුත් පහසුකම් නැංවීම වෙනුවෙනුයි එම වැඩසටහන යුහුසුළුව ක්‍රියා කළේ.
ප්‍රදේශයේ ජනතාවද ස්වේච්ඡාවෙන්ම මීට එක්ව සිටීම විශේෂත්වයක්.
කොත්මලේ, ගැරඬිඇල්ල ප්‍රදේශයේ දී සිදුවූ බස් රථ අනතුරෙන් තුවාල ලැබූවන් බොහෝ පිරිසක් ප්‍රතිකාර සඳහා ඇතුළත් කළේද මෙම ප්‍රාදේශීය රෝහලටයි.
එම අනපේක්ෂිත සිදුවීමෙන් තුවාල ලැබූවන්ගේ හදිසි ප්‍රතිකාර කටයුතු වෙනුවෙන් අවම පහසුකම් යටතේ වුවද කොත්මලේ ප්‍රාදේශීය රෝහලේ වෛද්‍යවරුන් ඇතුළු රෝහල් කාර්යමණ්ඩලය සිදු කළ කැපවීම “Clean Sri Lanka ” ලේකම් කාර්යාලයේ ඇගයීමට ද ලක්වුණා.