ඕස්ට්‍රේලියාවෙන් ලංකාවට ගුවන් යානා තෑග්ගක්

Published on

අති නවීන බීච් කින්ග් 350 වර්ගයේ නිරීක්ෂණ ගුවන් යානයක් හෙට (12) දින ඔස්ට්‍රේලියාවෙන් මෙරට ගුවන් හමුදාවට ලැබීමට නියමිත බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව සඳහන් කරනවා.

ඔස්ට්‍රේලියා රජයේ ප්‍රදානයක් ලෙසයි එම ගුවන් යානය මෙරටට ලැබෙන්නේ.

ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතාගේ අදහසකට අනුව ක්‍රියාත්මක කෙරෙන විශේෂ වැඩපිළිවෙළ යටතේ මෙම ගුවන් යානය ගුවන් හමුදා සංචිතයට එක්වෙයි.

මෙම නිරික්ෂණ ගුවන් යානය ටර්බෝප්‍රොප් වර්ගයේ ද්විත්ව එන්ජින් සහිත යානයක් බවයි කියන්නේ.

යානය මගින් ශ්‍රී ලංකා ගුවන් සීමාව හා සුවිශේෂි ආර්ථික කලාපය තුළ සමුද්‍රිය සහ වෙරළ නිරීක්ෂණ මෙහෙයුම්, බුද්ධි නිරික්ෂණ ඔත්තු බැලිමේ මෙහෙයුම්, මානුෂිය ආධාර හා ආපදා සහන මෙහෙයුම්, සෙවීමේ සහ මුදාගැනීමේ මෙහෙයුම්, සමුද්‍රිය දූෂණය නිරීක්ෂණය සහ පාලනය කිරීමේ කටයුතු පූළුල් කරගැනීමට ඉවහල්වනු ඇති බව සඳහන්.

මීට පෙරද ඇමෙරිකා එක්සත් ජනපදයෙන් ද බීච් ක්‍රාෆ්ට් යානයක් ප්‍රදානයක් වශයෙන් මෙරටට ලැබුණා.

Latest articles

තෛපොංගල් නිමිත්තෙන් හින්දු ආගමික රැඳවියන්ට අමුත්තන් පෙන්වයි

ලබන 14 වන දිනට යෙදී ඇති තෛපොංගල් දිනය නිමිත්තෙන් බන්ධනාගාරගත හින්දු ආගමික රැඳවියන්ට අමුත්තන්...

නිෂ්කාශනය කඩිනම් කිරීමට රේගු නිලධාරීන් දින හතම රාජකාරියට කැපවෙයි

පවතින තදබදය අවම කර ගනිමින් නිෂ්කාශන ක්‍රියාවලිය කඩිනම් කිරීම සඳහා ශ්‍රි ලංකා රේගු නිලධාරීන්...

ඕස්ට්‍රේලියානු සත්වෝද්‍යානයක යෝධ මකුළුවෙක්

විෂ සහිත funnel-web වර්ගයේ යෝධ මකුළුවෙකු ඕස්ට්‍රේලියාවේ උරඟ උද්‍යානයකට භාර දී තිබෙනවා. එහි කාර්ය මණ්ඩලය...

ඇමරිකාවේ ලොස් ඇන්ජලිස්හි ලැව් ගින්නෙන් පුද්ගලයින් 16 දෙනෙක් පමණ මිය ගිහින් – 13 දෙනෙක් අතුරුදන්

ඇමරිකාවේ ලොස් ඇන්ජලිස්හි පැතිර යන ලැව් ගිනි හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 16 දෙනෙක්...

More like this