පොඩි ලැසී රඳවා සිටින සිර මැදිරිය පිටුපස තිබී ජංගම දුරකථනයක් සොයා ගැනේ

Published on

පොඩි ලැසී යන රැඳවියා නාන ස්ථානයේ හා සිර මැදිරිය පිටුපස තිබී Samsung වර්ගයේ ස්මාර්ට් ජංගම දුරකථනයක් පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් භාරයට ගෙන තිබෙනවා.

ඒ බූස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේදීයි.

විශේෂ කාර්ය බලකාය බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාර කඳවුරේ නිලධාරීන්ට පොලිස් විශේෂ කාර්යංශයෙන් ලද තොරතුරකට අනුවයි එහි නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (08) දින බුස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ විශේෂ අංශයේ සෝදිසි කිරීමක් සිදුකර ඇත්තේ.

එහි දී වැඩිදුරටත් කළ සෝදිසි කිරීම්වලදී මෙම රැඳවියා නාන ස්ථානයේ කොන්ක්‍රිට් කොටස යට සුක්ෂම ලෙස සඟවා තිබියදී හැන්ඩ් ෆ්‍රී එකක් සමග තලා හානිකර විසිකර තිබුණු ජංගම දුරකථන උපාංගද සොයා ගෙන තිබෙනවා.

එම භාණ්ඩ වැඩිදුර විමර්ශන කටයුතු සඳහා බන්ධනාගාර පාලනාධිකාරිය වෙත භාර දී ඇති බවයි සඳහන් වන්නේ.

Latest articles

වැඩබලන අමාත්‍යාවරු පස් දෙනෙක් පත් කෙරේ

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ තවත් අමාත්‍යවරුන් දෙදෙනෙක් චීනයේ රාජ්‍ය සංචාරයක නිරත වෙන...

සිව්දින චීන රාජ්‍ය සංචාරය සඳහා ජනපති දිවයිනෙන් පිටත් වෙයි

චීනයේ රාජ්‍ය සංචාරය සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මීට සුළු මොහොතකට පෙර දිවයිනෙන්...

දුරකථන සමාගම් පැකේජ මිල ගණන් ඉහළ දැමුවාද? ඇත්ත මෙන්න

ජංගම දුරකථන සේවා සපයන සමාගම් තම පැකේජයන්වල මිළ ගණන් ඉහළ දමා ඇති බවට පළ...

ඕස්ට්‍රේලියාවේ ගිම්හානය ගත කරන්න දැනට ජනප්‍රියම නිවාඩු ස්ථාන 10

ඕස්ට්‍රේලියාවේ සංචාරක වෙබ් අඩවිය ඕස්ට්‍රේලියාව සහ ඒ අවට ගිම්හානය ගත කිරීම සඳහා වඩාත් ජනප්‍රිය...

More like this