අයහපත් කාලගුණ තත්ත්වයෙන් පීඩාවට පත්වූ ජනතාවට බෙදාහැරීම හැරීම සඳහා ජපාන රජය විසින් පරිත්‍යාග කළ ආධාර තොගයක්, දිවයිනට ( ශ්‍රී ලංකාවට) රැගෙනවිත් තිබෙනවා.
කූඩාරම්, මෙට්ට, ප්ලාස්ටික් ෂීට් ඇතුලු ආධාර තොගයක්, ඒ අතරට ඇතුළත්.
එය රුපියල් මිලියන 300ක පමණ වටිනාකමින් යුතුයි.
මෙරට ජපාන තානාපති කාර්යාලයේ හා ජයිකා ආයතනයේ මුලිකත්වයෙන් පරිත්‍යාග කළ එම ආධාර තොගය රැගත් විශේෂ භාණ්ඩ ප්‍රවාහන යානය ඊයේ (07) රාත්‍රී කටුනායක ගුවන් තොටුපලට පැමිණ ඇත්තේ.
එම ආධාර තොගය පසුගියදා ඇතිවූ ආපදා තත්ත්වයෙන් පීඩාවට පත් ජනතාව සඳහා බෙදාහැරීමට අදාළ දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත ලබාදීමට නියමිත බවයි සඳහන් වන්නේ.
එමෙන්ම අයහපත් කාලගුණ තත්ත්වයෙන් පීඩාවට පත්වූ උතුරු පළාතේ ජනතාව සඳහා ඉන්දීය රජය විසින් ද සහනාධාර තොගයක් ලබාදී තිබෙනවා.
ඊයේ දිනයේ තුනුක්කායි, පේසාලේ, වෙල්ලන්කුලම් හා මාන්තෙයි යන ප්‍රදේශවල පීඩාවට පත් පවුල් 2100ක් සඳහා එම සහනාධාර බෙදාහැරීම සිදුකර තිබුණ බවයි පවසන්නේ.