කැනඩාවේ හදිසි පාර්ලිමේන්තු මැතිවරණයක් කැඳවීමට අග්‍රාමාත්‍ය මාර්ක් කානි පියවර ගෙන තිබෙනවා.
අග්‍රාමාත්‍ය ධූරයට පත්වී සති 02කටත් අඩු කාලයක් තුළ මෙලෙස පාර්ලිමේන්තුව විසුරවා මහ මැතිවරණයක් කැඳවීමට කානි පියවර ගැනීම විශේෂත්වයකි.
ඒ අනුව අග්‍රාමාත්‍යවරයා නිවේදනය කර ඇත්තේ එම මැතිවරණය අප්‍රේල් මස 28 වනදා පැවැත්වෙන බවයි.
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අහිතකර බදු ප්‍රතිපත්ති මඟින් එල්ල වන බලපෑම්වලට මුහුණ දීම සඳහා ශක්තිමත් පාර්ලිමේන්තුවක් ගොඩනැගීම මෙලෙස හදිසි මැතිවරණයක් කැඳවීමේ අරමුණ බවයි කානි ප්‍රකාශ කර ඇත්තේ.
“ජනාධිපති ට්‍රම්ප්ගේ අසාධාරණ වෙළඳ ක්‍රියාමාර්ග සහ අපගේ ස්වෛරීභාවයට ඔහු එල්ල කරන තර්ජන නිසා අපි අපගේ ජීවිතයේ වඩාත්ම වැදගත් අර්බුදයට මුහුණ දී සිටිමු,” ඔහුට අවශ්‍ය වන්නේ අපව බිඳ දැමීමටයි, එවිට ඇමරිකාවට අපව අයිති කර ගත හැකිය. අපි මෙය සිදුවීමට ඉඩ නොදෙමු. අපි පාවාදීමේ කම්පනයෙන් මිදී සිටිමු, නමුත් අපට කිසි විටෙකත් පාඩම් අමතක කළ නොහැක. අපි අප ගැනම සොයා බැලිය යුතුයි. අපි එකිනෙකා ගැන සොයා බැලිය යුතුයි.”
යනුවෙන් මාර්ක් කානි පවසා තිබෙනවා.
මෙසේ ශක්තිමත්, ධනාත්මක ජනවරමක් සොයමින් හදිසි මැතිවරණයක් කැඳවීමෙන්, කාර්නිට සතුරු පාර්ලිමේන්තුවකට මුහුණ දීමට සිදු නොවන බවත්, ඔහුට පොදු මන්ත්‍රී මණ්ඩලයේ ආසනයක් නොමැති වීම නිසා එය සංකීර්ණ වූ ගැටුමක් වනු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
එමෙන්ම කානිගේ මෙම තීරණය පැමිණෙන්නේ ලිබරල් පක්ෂය ඡන්ද විමසීම්වල පෙර නොවූ විරූ ඉහළ ප්‍රතිඵලයක් අත් විඳිමින් සිටින කාලයකයි.
කෙසේ නමුත් ජනවාරි මස මුලදී හිටපු අගමැති ජස්ටින් ටෲඩෝගේ ඉල්ලා අස්වීමේ නිවේදනයෙන් පසු, මාස දෙකක කාලයක් කල් දැමීමෙන් පසු පාර්ලිමේන්තුව සඳුදා නැවත පැමිණීමට නියමිතව තිබුණේ.
ඒ අනුව සභිකයින් 343දෙනෙකු තෝරා ගැනීම වෙනුවෙන් අප්‍රේල් 28 වනදා පැවැත්වෙන මැතිවරණයේදී ආසන 172ක් ජයග්‍රහණය කරන පක්ෂයට පාලන බලය හිමිවනු ඇති.