ට්‍රම්ප් අපරාධකරුවන් 250 ක් සැල්වදෝරයට පිටුවහල් කරයි

Published on

ඇමෙරිකාවේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙනිසියුලාවේ අපරාධකරුවන් 250ක් එල්. සැල්වදෝර්යේ සුපර් මැක්ස් බන්ධනාගාරයේ සිරගත කිරීමට නියෝග කර තිබෙනවා.

ට්‍රම්ප්ගේ මෙම පිටුවහල් කිරීමේ නියෝගය දින 14 කට අවලංගු කරන බවයි වොෂින්ටන්හි දිස්ත්‍රික් විනිසුරු ජේම්ස් බෝස්බර්ග් නියෝග කර ඇත්තේ.

විදෙස් මාධ්‍ය සඳහන් කළේ එම නියෝගය ලබා දෙන විටත් මෙම සිරකරුවන් සැල්වදෝරයේ සුපර් මැක්ස් බන්ධනාගාරයට රැගෙන ගොස් ඇති බවයි.

ලොව පුරා අපරාධ රැසකට සම්බන්ධ වෙනිසියුලාවේ ‘ට්‍රෙන් ඩි අරගුවා’ නමැති අපරාධ කල්ලි සාමාජිකයනුයි මෙලෙස ඇමෙරිකාවෙන් පිටුවහල් කර ඇත්තේ.

ට්‍රම්ප් චෝදනා කරන්නේ මෙම අපරාධකරුවන් ඇමෙරිකාවේ කොල්ලකාරී ආක්‍රමණයක් සිදු කිරීමට උත්සහ කර ඇති බවටයි.

සැල්වදෝර රාජ්‍යයේ ජනාධිපති නයිබ් බුකෙල් X සටහනක් තබමින් පවසා සිටියේ පෙරෙයිදා (16) වන දා වෙනිසියුලානු කල්ලියේ ට්‍රෙන් ඩි අරගුවා හි සාමාජිකයින් 238 දෙනෙකු සහ සැල්වදෝර කල්ලියේ MS-13 සාමාජිකයින් 23 දෙනෙකු පැමිණ ඇති බවත්, ඔවුන් 40,000 ක පමණ සිරකරුවන් රැඳවිය හැකි “ත්‍රස්තවාදී සිර කඳවුරක” රඳවා තබා ගැනීම සඳහා එක්සත් ජනපදය ගෙවන ගනුදෙනුවක කොටසක් ලෙස අත්අඩංගුවේ පසුවන බවත්ය.

කෙසේ වෙතත්, මෙම සිරකරුවන් සිදු කර ඇති අපරාධ මොනවා දැයි කිසිදු සඳහනක් අමෙරිකාව විසින් සැල්වදෝරයේ ජනාධිපතිවරයාට සිදු කර නොමැති බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

එල්. සැල්වදෝර් සුපර් මැක්ස් බන්ධනාගාරය යනු ලතින් අමෙරිකාවේ විශාලත ම බන්ධනාගාරවලින් එකක් වන අතර එතුළ සිටින කිසිදු සිරකරුවෙකුට බාහිර පුද්ගලයන් හමුවිය නොහැකිය.

මෙහි රඳවා සිටින සිරකරුවන් ව්‍යායාම සඳහා මිනිත්තු 30ක් පමණ සිර කුටි තුළින් පිටතට ගන්නා බවත්, ඉතිරි කාලය පුරාම ඔවුන්ගේ සිර මැදිරි තුළ සිර කරනු ලබයි.

Latest articles

කැනඩාවේ දෙමළ ජනසංහාර ස්මාරකය ඉදිකිරීම සම්බන්ධයෙන් ලංකාවේ විරෝධය

කැනඩාවේ දෙමළ ජනසංහාර ස්මාරකය ඉදිකිරීම සම්බන්ධයෙන් විරෝධය පළ කරන බව නිවේදනයක් නිකුත් කරමින් විදේශ...

ජනාධිපති කාර්යාලයේ අධි සුඛෝපභෝගී වාහන වෙන්දේසියේ දෙවන අදියර හෙට

ජනාධිපති කාර්යාලයේ අධි සුඛෝපභෝගී වාහන වෙන්දේසියේ දෙවන අදියර ලෙස සුඛෝපභෝගී වාහන සහ භාවිතයෙන් ඉවත්...

බහුතරය හිමි නොවූ පළාත් පාලන ආයතනවල බලය පිහිටු වන්න විපක්ෂ නායකයින් එකඟතාවයකට පැමිණෙයි

ජාතික ජන බලවේගයට බහුතරය හිමි නොවූ මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා...

දළදා ප්‍රදර්ශනය ගැන දියවඩන නිලමේ පැවසුවා යැයි සමාජ මධ්‍යයේ හුවමාරු වන ප්‍රකාශය සාවද්‍යයි – දළදා මාලිගා මාධ්‍ය කාර්යාංශය

ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේතුමන් පැවසුවා යැයි කියන ප්‍රකාශයක් භාවිත කරමින් සමාජ මාධ්‍යවල හුවමාරු...

More like this