Voice of America මාධ්‍ය ජාලය වසා දැමීමේ විධායක නියෝගයට ට්‍රම්ප් අත්සන් තබයි

Published on

ඇමෙරිකාවේ පැරණිතම සහ විශාලතම ජාත්‍යන්තර මාධ්‍ය ආයතනය වන Voice of America මාධ්‍ය ජාලය වසා දැමීමේ විධායක නියෝගයට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අත්සන් තබා තිබෙනවා.

ඒ, ට්‍රම්ප් විරෝධී රැඩිකල් ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවට චෝදනා කරමින්වේ.

නාසි සහ ජපන් ප්‍රචාරණවලට එරෙහි විකාශන ජාලයක් ලෙස දෙවැනි ලෝක යුද සමයේ 1942 වසරේ දී වොයිස් ඔෆ් ඇමෙරිකා මාධ්‍ය ජාලය ආරම්භ කරනු ලැබුවා.

එහි විකාශය කටයුතු ආරම්භ කෙරුණේ BBC මාධ්‍ය ජාලයෙන් කුලී පදනම මත ලබාගත් සම්ප්‍රේෂණ උපාංග මගිනි.

මේ වනවිට ගුවන් විදුලි, රූපවාහිනී සහ ඩිජිටල් යන සියලු විද්‍යුත් මාධ්‍ය ජාලා ඔස්සේ ලොව පුරා භාෂා 48 කින් එහි විකාශන ජාලය ව්‍යාප්තව පවතිනවා.

ඒ වටා දෛනිකව රොක්ව සිටින ගෝලීය ප්‍රේක්ෂක සහ ශ්‍රාවක ප්‍රජාව, මිලියන 361 ඉක්මවන බව සඳහන්.

එවක හිටපු ජනාධිපති ජෙරල්ඩ් ෆෝඩ් විසින් Voice of America මාධ්‍ය ජාලය රාජ්‍ය මාධ්‍ය ආයතනයක් බවට පත්කිරීමේ විධායක නියෝගයට 1976 වසරේදීයි අත්සන් තැබුවේ.

එතැන් සිට එය පාලනය වන්නේ, ඇමෙරිකානු ආණ්ඩුවේ ෆෙඩරල් අරමුදල්වලින් වන අතර ඇමෙරිකානු ඩොලර් මිලියන 267 කට අධික මුදලක් වාර්ෂික අයවැයෙන් ඒ සඳහා වෙන් කෙරේ.

ජනාධිපතිවරයා උපදේශකයෙකු වන එලෝන් මස්ක් මෙම මාධ්‍ය ආයතනය වසා දමන්නැයි සිය x ගිණුමෙන් පසුගියදා ඉල්ලීමක් ද කර තිබුණා.

ට්‍රම්ප් එය වසා දැමීමට තීරණය කිරීමත් සමඟ එහි සේවය කළ 1300 ක් පමණ වූ සේවක පිරිසට වැටුප් රහිත නිවාඩු දී තිබෙන බව සඳහන්.

විචාරකයින් ප්‍රකාශ කරන්නේ මෙසේ ඇමෙරිකාවේ පැරණිතම ජාත්‍යන්තර මාධ්‍ය ජාලයක් එලෙස වසා දැමීමට තීරණය කිරීම හරහා ට්‍රම්ප් ආණ්ඩුවේ මාධ්‍ය මර්දනකාරී වැඩපිළිවෙළ මනාව පිළිබිඹු වන බවයි.

එය මාධ්‍ය නිදහසට එල්ල කළ බරපතළ පහරක් බව ජාත්‍යන්තර මාධ්‍ය සංවිධාන පෙන්වා දෙනවා.

Latest articles

කැනඩාවේ දෙමළ ජනසංහාර ස්මාරකය ඉදිකිරීම සම්බන්ධයෙන් ලංකාවේ විරෝධය

කැනඩාවේ දෙමළ ජනසංහාර ස්මාරකය ඉදිකිරීම සම්බන්ධයෙන් විරෝධය පළ කරන බව නිවේදනයක් නිකුත් කරමින් විදේශ...

ජනාධිපති කාර්යාලයේ අධි සුඛෝපභෝගී වාහන වෙන්දේසියේ දෙවන අදියර හෙට

ජනාධිපති කාර්යාලයේ අධි සුඛෝපභෝගී වාහන වෙන්දේසියේ දෙවන අදියර ලෙස සුඛෝපභෝගී වාහන සහ භාවිතයෙන් ඉවත්...

බහුතරය හිමි නොවූ පළාත් පාලන ආයතනවල බලය පිහිටු වන්න විපක්ෂ නායකයින් එකඟතාවයකට පැමිණෙයි

ජාතික ජන බලවේගයට බහුතරය හිමි නොවූ මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා...

දළදා ප්‍රදර්ශනය ගැන දියවඩන නිලමේ පැවසුවා යැයි සමාජ මධ්‍යයේ හුවමාරු වන ප්‍රකාශය සාවද්‍යයි – දළදා මාලිගා මාධ්‍ය කාර්යාංශය

ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේතුමන් පැවසුවා යැයි කියන ප්‍රකාශයක් භාවිත කරමින් සමාජ මාධ්‍යවල හුවමාරු...

More like this