උතුරු මැසිඩෝනියාවේ රාත්‍රී සමාජ ශාලාවක ඇති වූ ගින්නෙන් මියගිය සංඛ්‍යාව 59 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
සිද්ධියෙන් තුවාල ලබා ඇති ප්‍රමාණය 155ක් පමණ වන බවයි වාර්තා වන්නේ.
“තරුණ ජීවිත විශාල සංඛ්‍යාවක් අහිමි වීම ආපසු හැරවිය නොහැකි අතර, පවුල්වල, ආදරණීයයන්ගේ සහ මිතුරන්ගේ වේදනාව මැනිය නොහැකි ය,” එරට අගමැති ක්‍රිස්ටිජන් මිකොස්කි X සටහනක් තබමින් ප්‍රකාශ කර තිබෙනවා.
මෙම අනතුර සම්බන්ධයෙන්, අදාළ සමාජ ශාලාවේ කළමනාකරු සහ එහි හිමිකරු වන අභ්‍යන්තර කටයුතු අමාත්‍ය ටොෂ්කොව්ස්කිගේ පුත්‍රයා ඇතුළු පුද්ගලයින් 15 දෙනෙකු පොලිසිය විසින් රඳවාගෙන ඇති බව සඳහන්.
අදාළ සමාජ ශාලාව පවත්වාගෙන යාමට බලපත්‍රයක් පවා තිබී නැති බවයි වාර්තා වන්නේ.