ට්‍රම්ප් නියෝගයෙන් යේමනයට එල්ල වූ ගුවන් ප්‍රහාරයෙන් මිය ගිය සංඛ්‍යාව ඉහළට – කුඩා දරුවනුත් ඒ අතර

Published on

ඇමෙරිකාව, යේමනයේ හූති සටන්කාමීන් ඉලක්ක කර එල්ල කළ ගුවන් ප්‍රහාරවලින් මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව 32ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

එම ප්‍රහාරවලින් අවම වශයෙන් 101 දෙනෙකු තුවාල ලබා ඇති බවයි එරට සෞඛ්‍ය අමාත්‍යාංශයේ නවතම සංඛ්‍යාලේඛනවල දැක්වෙන්නේ.

රතු මුහුද හරහා ගමන් කරන නැව්වලට පහර නොදෙන ලෙස ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හුති කණ්ඩායමට අනතුරු ඇඟවීමෙන් පසුව ඇමරිකානු ප්‍රහාරක ජෙට් යානා යේමනය පුරා ගුවන් ප්‍රහාර මාලාවක් සිදු කළා.

සිය සමාජ මාධ්‍ය ජාලයේ සටහනක් තබමින් ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇත්තේ යේමනයේ හූතිවරුන් සඳහා තීරණාත්මක හා ප්‍රබල මිලිටරි ක්‍රියාමාර්ග ගැනීමට තමා සූදානම් බවයි.

ජනවාරි මාසයේදී ට්‍රම්ප් නැවත බලයට පත්වීමෙන් පසු සිදු වූ වඩාත්ම වැදගත් මිලිටරි ක්‍රියාමාර්ගය වන එක්සත් ජනපද ප්‍රහාර එල්ල වූයේ, ඊශ්‍රායලය ගාසා තීරය අවහිර කිරීම සම්බන්ධයෙන් රතු මුහුදේ ඊශ්‍රායලයට සම්බන්ධ නැව්වලට වැටලීම් නැවත ආරම්භ කරන බවට යේමනයේ හවුතිවරු තර්ජනය කිරීමෙන් පසුවය.

සෙනසුරාදා ආරම්භ වී ඉරිදා අලුයම දක්වා යේමනයේ අගනුවර වන සානා මෙන්ම සාඩා සහ අල්-බයිඩා ප්‍රදේශවලට එල්ල වූ එක්සත් ජනපද ප්‍රහාරවලින්
තුවාල ලැබූවන්ගෙන් වැඩි දෙනෙක් “ළමයින් සහ කාන්තාවන්” බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

Latest articles

කැනඩාවේ දෙමළ ජනසංහාර ස්මාරකය ඉදිකිරීම සම්බන්ධයෙන් ලංකාවේ විරෝධය

කැනඩාවේ දෙමළ ජනසංහාර ස්මාරකය ඉදිකිරීම සම්බන්ධයෙන් විරෝධය පළ කරන බව නිවේදනයක් නිකුත් කරමින් විදේශ...

ජනාධිපති කාර්යාලයේ අධි සුඛෝපභෝගී වාහන වෙන්දේසියේ දෙවන අදියර හෙට

ජනාධිපති කාර්යාලයේ අධි සුඛෝපභෝගී වාහන වෙන්දේසියේ දෙවන අදියර ලෙස සුඛෝපභෝගී වාහන සහ භාවිතයෙන් ඉවත්...

බහුතරය හිමි නොවූ පළාත් පාලන ආයතනවල බලය පිහිටු වන්න විපක්ෂ නායකයින් එකඟතාවයකට පැමිණෙයි

ජාතික ජන බලවේගයට බහුතරය හිමි නොවූ මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා...

දළදා ප්‍රදර්ශනය ගැන දියවඩන නිලමේ පැවසුවා යැයි සමාජ මධ්‍යයේ හුවමාරු වන ප්‍රකාශය සාවද්‍යයි – දළදා මාලිගා මාධ්‍ය කාර්යාංශය

ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේතුමන් පැවසුවා යැයි කියන ප්‍රකාශයක් භාවිත කරමින් සමාජ මාධ්‍යවල හුවමාරු...

More like this