රටවල් රැසක් සඳහා සංචාරක සීමා පැනවීමට ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ට් ට්‍රම්ප් සූදානම් වන බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.
එම වාර්තා පැවසුවේ රටවල් 43 ක් කාණ්ඩ 03 ක් වශයෙන් එලෙස සංචාරක සීමා පැනවීමට සැලසුම් කර ඇති බවයි.
ඒ අනුව ඇෆ්ගනිස්ථානය, ඉරානය, සිරියාව, කියුබාව සහ උතුරු කොරියාව ඇතුලු රටවල් 11 ක් වෙත පළමු කාණ්ඩය යටතේ සම්පූර්ණ වීසා අත්හිටුවීමක් නියම කිරීමටයි සැලසුම් කර තිබෙන්නේ.
එසේම, පකිස්ථානය, රුසියාව, දකුණු සුඩානය ඇතුලු රටවල් 10 කට ඔවුන් සැලසුම් කර තිබෙන්නේ අර්ධ වශයෙන් සංචාරක සීමා පැනවීමටයි.
මීට අමතරව තවත් රටවල් 22 ක් සදහා ද දින 60 ක අධ්‍යයන කාලයකින් පසුව තීරණයක් ගැනීමට නියමිත බව පවසනවා.