දකුණු කොරියානු ජනාධිපතිට එරෙහිව දෝෂාභියෝගයක්

Published on

හමුදා නීතිය පැනවීමේ කම්පනකාරී පියවර ව්‍යර්ථ කිරීමෙන් පසු දකුණු කොරියානු මන්ත්‍රීවරු ජනාධිපති යූන් සුක් යෝල්ට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන විත් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

අඟහරුවාදා අගභාගයේදී යුද නීතිය පැනවීමට ජනාධිපති යූන් දැරූ අසාර්ථක උත්සාහය සම්බන්ධයෙනුයි දකුණු කොරියාවේ විපක්ෂ නීති සම්පාදකයින් අද දහවල් ඔහුට දෝෂාභියෝගයක් පාර්ලිමේන්තුවේ සභාගත කර ඇත්තේ.

මෙම යෝජනාව ඡන්දයකට යාමට පෙර විවාදයට ගැනීමට අවශ්‍ය වනු ඇති අතර එය සම්මත වීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 300 දෙනාගෙන් 200 ක් ඡන්දය ප්‍රකාශ කළ යුතු බව සඳහන්.

ඒ අනුව ඉදිරි පැය 72 තුළ, අදාළ යෝජනාව විවාදයට ගෙන ඡන්ද විමසීමක් පැවැත්වෙනු ඇතැයි එම වාර්තා පවසයි.

කෙසේ වෙතත් දකුණු කොරියාවේ අගමැති හැන් ඩක්-සූ සහ අනෙකුත් ඉහළ නිලධාරීන් හදිසි රැස්වීමක් පැවැත්වීමටද නියමිතයි.

මේ අතර දකුණු කොරියාවේ ඇතිව තිබෙනව මෙම කලබලකාරී තත්ත්වය පිළිබඳව උතුරු කොරියාව කිසිඳු ප්‍රතිචාරකය් දක්වා නොමැති අතර ඇමෙරිකාවේ ධවල මන්දිරය ද නිවේදනය නිකුත් කරමින් පැවසුවේ, දකුණු කොරියාවේ වත්මන් තත්ත්වය සමීපව නීරීක්ෂණය කරමින් සිටින බවයි.

Latest articles

පන්ජාබයට නව නායකයෙක් – තරඟ කාලසටහනත් වෙනස් වේ

එළඹෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියේ පන්ජාබ් කිංග්ස් කණ්ඩායමේ නායක ලෙස ඉන්දීය සුපිරි පිතිකරු ශ්‍රෙයාස්...

යාපනයේ ජනතාවට තෛපොංගල් සැමරීමට ඉන්දියාවෙන් සහය

ආර්ථික අපහසුතාවයන් නිසා මෙවර තෛපොංගල් උළෙල සැමරීමට නොහැකිව අසරණව සිටි යාපනයෛ් පවුල් කිහිපයකට යාපනයේ...

සිව්දින සංචාරයක් සඳහා ජනපති චීනයට

සිව්දින චීන රාජ්‍ය සංචාරයක් සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (13) රාත්‍රියේදී දිවයිනෙන්...

ප්‍රංශයේ ට්‍රෑම් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් තුවාල ලැබූ පිරිස 68ක් දක්වා ඉහළට

ප්‍රංශයේ ස්ට්‍රාස්බර්ග් මධ්‍යම දුම්රිය ස්ථානයේ ට්‍රෑම් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයින් 68...

More like this