සන්නිවේදන තාක්ෂණය අත්හදා බැලීමේ අංක 15 දරණ චන්ද්‍රිකාව නිරිතදිග චීනයේ Xichang චන්ද්‍රිකා ගුවන්ගත කිරීමේ මධ්‍යස්ථානයෙන් අද (10) අළුයම 1.17ට කක්ෂගත කර තිබෙනවා.
එය සිදුකෙරුණේ Long March-3B ප්‍රවාහක රොකට්ටුව ආධාරයෙනි.
මෙහි දී චන්ද්‍රිකාව නියමිත කක්ෂයට ඇතුළු වූ අතර මෙහෙයුම සාර්ථකව සම්පූර්ණ කර තිබෙනවා.
බහු සංඛ්‍යාත කලාප සහ අධිවේගී සන්නිවේදන තාක්ෂණ වලංගුකරණය සඳහා මෙම චන්ද්‍රිකාව ප්‍රධාන වශයෙන් භාවිත කෙරෙනු ඇති බවයි පැවසෙන්නේ.
මෙම දියත් කිරීම Long March වාහක රොකට් මාලාවේ 562 වැනි පියාසැරි මෙහෙයුම සනිටුහන් කරයි.