යුද නීතිය පනවමින් සිදුකළ ප්‍රකාශයට එරෙහිව රට පුරා විරෝධතා නිර්මාණය වීමෙන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ආරක්ෂක අංශවලට එරෙහි වීමෙන් පසු, දකුණු කොරියානු ජනාධිපති යූන් සුක් යොල් යුද නීතිය පැනවීමේ තීරණය අත්හැර දමා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
යූන්ගේ ප්‍රකාශයෙන් රට තුළ මහත් කැළඹීමක් ඇති වූ අතර, අන්තර්ජාතික ප්‍රජාවේ ද වැඩි අවධානයක් දකුණු කොරියාව වෙත යොමු වී තිබෙන බව සඳහන්.
මෙය දශක හතරකට වැඩි කාලයක් තුළ දකුණු කොරියාවේ යුද නීතිය පැනවූ පළමු අවස්ථාවයි.
න්‍යෂ්ටික බලයෙන් සන්නද්ධ උතුරු කොරියාවෙන් දකුණු කොරියාව ආරක්ෂා කිරීම සඳහා 30,000කට ආසන්න භට පිරිසක් ස්ථානගත කර සිටින ඇමෙරිකාව, මුලින් මෙම ප්‍රකාශය ගැන දැඩි කනස්සල්ල පළකර තිබු අතර පසුව දකුණු කොරියානු ජනාධිපතිවරයා යුද නීතිය අවසන් බවට ප්‍රකාශයක් නිකුත් කර තිබුණා.
මෙහිදී දකුණු කොරියාවේ ප්‍රධාන විරුද්ධ පක්ෂයේ නීති සම්පාදකයන් ආරක්ෂක හමුදා සමඟ පොරබදමින්, ඔවුන්ට නීතිය අවලංගු කිරීමට ඡන්දය දීමට හැකි බව පවසමින්, යූන් “කැරැල්ලට” සම්බන්ධ වීමෙන් වහාම ඉවත් වන ලෙස ආරක්ෂක හමුදාවෙන් ඉල්ලා සිටි බව සඳහන්.
කෙසේ නමුත් මේ පිළිබඳ විචාරකයෝ පවසන්නේ මෙම නාට්‍යකාර සිදුවීම, 2022 දී ජනාධිපති ලෙස තේරී පත් වූ ගතානුගතික දේශපාලනඥයකු සහ හිටපු රජයේ අභිචෝදකයකු වන යූන්ගේ දේශපාලන අනාගතය ද අනතුරේ හෙළීමක් බවයි.