ජපානයේ ලැව්ගින්නක් – 1 අයෙකු මියගිහින්

Published on

දශක තුනකට පසු හටගෙන ඇති දැවැන්තම ලැව්ගින්නට ජපානය මේ වනවිට මුහුණ දී තිබෙනවා.

බලධාරීන් සඳහන් කරන්නේ ගින්න මැඩපැවැත්වීම සඳහා දෙදහසකට අධික ගිනි නිවන භටයින් සංඛ්‍යාවක් යොදවා ඇති බවයි.

ලැව්ගිනි හේතුවෙන් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ඊසානදිග ජපානයේ මෙම ලැව්ගින්න ව්‍යාප්ත වී ඇති අතර, පසුගිය සතියේ සිට හෙක්ටයාර 2,100 කට අධික ප්‍රමාණයක් පිළිස්සී, තවත් නිවාස අවධානමට ලක්ව ඇති බව පවසනවා.

එමෙන්ම මේ වනවිට උතුරුදිග ජපානයේ Iwate ප්‍රාන්තයේ ඔෆුනාටෝ නගරයේ අක්කර 5,200ට අධික භූමි ප්‍රමාණයක් ලැව්ගිනි හේතුවෙන් විනාශ වී ඇති බවයි ගිනි හා ආපදා කළමනාකරණ ඒජන්සිය සඳහන් කරන්නේ.

Ofunato හි ගින්න පැසිෆික් වෙරළ දෙසට පුළුල් ප්‍රදේශයක් පුරා පැතිරී ඇති බැවින් නිවැසියන්ට ඉවත් කිරීමට කටයුතු කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය ප්‍රකාශ කරන්නේ ගොඩනැගිලි 80ට අධික සංඛ්‍යාවකට ගින්නෙන් හානි සිදුව ඇති අතර ගිනි නිවන භටයින්ට අමතරව හෙලිකොප්ටර් යානා 16ක් ගිනි නිවීමේ කටයුතු සඳහා යොදා තිබෙන බවයි.

ඔෆුනාටෝ නගරයට ජනවාරි සිට මාර්තු දක්වා කාලයේදී වියළි කාලගුණයක් පවතින අතර පෙබරවාරි මාසයේදී සාමාන්‍යයෙන් මිලිමීටර් 41ක පමණ වර්ෂාපතනයක් ලැබුණ ද පසුගිය පෙබරවාරියේ දී ලැබී ඇත්තේ මිලිමීටර් 2.5ක වර්ෂාපතනයක් පමණක් බවයි එරට මාධ්‍ය පවසන්නේ.

එය වසර 20ට පමණ පසු පෙබරවාරි මාසයෙකදී එම නගරයට ලැබුණු අඩුම වර්ෂාපතනය ද වනවා.

ජපන් අගමැති Shigeru Ishiba පාර්ලිමේන්තු සැසිවාරයක දී “මිනිසුන්ගේ නිවෙස්වලට බලපෑම් ඇති වීම වැළැක්වීම සඳහා සියළු ගිනි නිවීමේ සහ ස්වයං ආරක්ෂක (SDF) හැකියාවන් යෙදවීමට” ප්‍රතිඥා දුන් බව මාධ්‍ය වාර්තාවල සඳහන්.

ගිනි හා ආපදා කළමනාකරණ ඒජන්සියට අනුව, 1980 දශකයේ අග භාගයේ සිට ජපානයේ ඇති වූ විශාලතම ලැව්ගින්න මෙය වන බවයි කියන්නේ.

Latest articles

කැනඩාවේ දෙමළ ජනසංහාර ස්මාරකය ඉදිකිරීම සම්බන්ධයෙන් ලංකාවේ විරෝධය

කැනඩාවේ දෙමළ ජනසංහාර ස්මාරකය ඉදිකිරීම සම්බන්ධයෙන් විරෝධය පළ කරන බව නිවේදනයක් නිකුත් කරමින් විදේශ...

ජනාධිපති කාර්යාලයේ අධි සුඛෝපභෝගී වාහන වෙන්දේසියේ දෙවන අදියර හෙට

ජනාධිපති කාර්යාලයේ අධි සුඛෝපභෝගී වාහන වෙන්දේසියේ දෙවන අදියර ලෙස සුඛෝපභෝගී වාහන සහ භාවිතයෙන් ඉවත්...

බහුතරය හිමි නොවූ පළාත් පාලන ආයතනවල බලය පිහිටු වන්න විපක්ෂ නායකයින් එකඟතාවයකට පැමිණෙයි

ජාතික ජන බලවේගයට බහුතරය හිමි නොවූ මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා...

දළදා ප්‍රදර්ශනය ගැන දියවඩන නිලමේ පැවසුවා යැයි සමාජ මධ්‍යයේ හුවමාරු වන ප්‍රකාශය සාවද්‍යයි – දළදා මාලිගා මාධ්‍ය කාර්යාංශය

ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේතුමන් පැවසුවා යැයි කියන ප්‍රකාශයක් භාවිත කරමින් සමාජ මාධ්‍යවල හුවමාරු...

More like this