ආසියානු කුසලාන වයස අවුරුදු 19න් පහළ එක්දින ක්රිකට් තරගාවලියේ ශ්රී ලංකාව සහභාගි වන මූලික වටයේ අවසන් තරගය අද (03) බංග්ලාදේශයට එරෙහිව පැවැත්වෙනවා.
ඒ ශ්රී ලංකා වේලාවෙන් පෙරවරු 10.30ට ඩුබායිහිදීයි.
බී කාණ්ඩයෙන් තරග වදින ශ්රී ලංකා කණ්ඩායම තරගාවලියේ සහභාගි වූ පළමු තරග ද්විත්වය ජයගනිමින් ප්රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසුවෙන අතර මේවනවිටත් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා සිටිනවා.