Search for an article

මෙරට සංචාරක කර්මාන්තයේ උන්නතියට ආසියානු සංවර්ධන බැංකුවේ සහය

Published on

ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා සහ ආසියානු සංවර්ධන බැංකුවේ නියෝජිතයන් අතර හමුවක් ඊයේ (30) ජනාධිපති කාර්යාලයේදී පැවැත් වුණා.

මෙහිදී ආසියානු සංවර්ධන බැංකුවේ නියෝජිතයන් සඳහන් කළේ ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය වේගවත් දියුණුවක් අත්කර ගනිමින් සිටින බවයි.

ඒ අනුව ඉදිරියේදී ආසියානු සංවර්ධන බැංකුවේ දායකත්වයෙන් මෙරට සංචාරක කර්මාන්තයේ උන්නතිය වෙනුවෙන් සැලසුම් කර තිබෙන නව ව්‍යාපෘති සම්බන්ධව ද, මෙහිදී නියෝජිතයන් ජනාධිපති ලේකම්වරයා දැනුම්වත් කරනු ලැබුවා.

නව සංචාරක කලාප ඇති කිරිමේදී සහ සංචාරක කර්මාන්තයේ ඉදිරි සැලසුම් ක්‍රියාත්මක කිරීමේදී රාජ්‍ය ආයතනවල දායකත්වය විධිමත් හා කාර්යක්ෂම අන්දමින් ලබා ගැනීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කර තිබෙන බව සඳහන්.

ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය නඟා සිටුවීම වෙනුවෙන් වත්මන් රජය ගෙන ඇති පියවර සම්බන්ධයෙන් මෙහිදී ස්තුතිය පළ කළ ආසියානු සංවර්ධන බැංකුවේ නියෝජිතයන් වැඩිදුරටත් සඳහන් කර සිටියේ නව රජයේ වැඩපිළිවෙළ නිසා සංචාරක ක්ෂේත්‍රය අත්පත් කරගෙන තිබෙන ප්‍රගතිය පිළිබඳ තමන් සෑහීමකට පත්වන බවයි.

ආසියානු සංවර්ධන බැංකුවේ (SLRM) ශ්‍රී ලංකාව සඳහා වන මෙහෙයුම් ප්‍රධානී චොල්පොන් මැම්බෙටෝවා (Cholpon Mambetova) ජල හා නාගරික සංවර්ධන අධ්‍යක්ෂ( SG-WUD) ශ්‍රීනිවාස් සම්පත් ( Srinivas Sampath), ජ්‍යේෂ්ඨ නාගරික සංවර්ධන විශේෂඥ /මෙහෙයුම් නායක එල්මා මොර්ෂෙඩා (Elma Morsheda) ජ්‍යේෂ්ඨ ව්‍යාපෘති නිලධාරී ( SG-WUD) පංචාලි ඇල්ලෙපොල, ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් උපාලි රත්නායක, සංචාරක ප්‍රවර්ධන කාර්යංශයේ කළමනාකාර අධ්‍යක්ෂ පී. ඒ. ඩී දමයන්ති යන මහත්ම මහත්මීන් මෙම අවස්ථාවට එක්ව සිටියා.

Latest articles

ඩොලර් මිලියන 334ක් වූ IMF සිව්වන වාරිකය ලංකාවට හිමිවෙයි

ඩොලර් මිලියන 334ක් වූ සිව්වන වාරිකය නිදහස් කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක කමිටුවයි තීරණය...

පැහැරගෙන යමින් තිබූ ලොරියකට පොලිසියෙන් වෙඩි

පැහැරගෙන යමින් තිබූ ලොරි රථයක් කඩුවෙල ප්‍රදේශයේ දී එම රථයට වෙඩි තබා සිය භාරයට...

මාස්ටර් ලීග් තරඟාවලියේ ඕස්ට්‍රේලියාවට එරෙහි ජය ශ්‍රී ලංකා මාස්ටර්ස්ලට

මාස්ටර් ලීග් තරඟාවලියේ ශ්‍රී ලංකා මාස්ටර්ස් කණ්ඩායම සහ ඕස්ට්‍රේලියානු මාස්ටර්ස් කණ්ඩායම අතර ඊයේ (28)...

ප්‍රවීණ රංගන ශිල්පිනී සුසන්තා චන්ද්‍රමාලි මහත්මිය අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ රංගන ශිල්පිනියක වන සුසන්තා චන්ද්‍රමාලි මහත්මිය අභාවප්‍රාප්ත වී තිබෙනවා. කලක සිට රෝගාතුරුව සිටි ඇය...

More like this