මාස්ටර් ලීග් තරඟාවලියේ ඕස්ට්‍රේලියාවට එරෙහි ජය ශ්‍රී ලංකා මාස්ටර්ස්ලට

Published on

මාස්ටර් ලීග් තරඟාවලියේ ශ්‍රී ලංකා මාස්ටර්ස් කණ්ඩායම සහ ඕස්ට්‍රේලියානු මාස්ටර්ස් කණ්ඩායම අතර ඊයේ (28) පැවති තරඟය කඩුළු 03කින් ජය ගැනීමට ශ්‍රී ලංකා මාස්ටර්ස් කණ්ඩායම සමත් වූවා.

තරඟයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඕස්ට්‍රේලියා මාස්ටර්ස් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුළු 04ක් දැවී ලකුණු 217ක් ලබා ගැනීමටයි සමත් වුණේ.

එහිදී Shaun Marsh ලකුණු 77ක්ද, Ben Dunk ලකුණු 56ක්ද, Daniel Christian ලකුණු 34ක්ද, Ben Cutting නොදැවී ලකුණු 19ක්ද, Shane Watson ලකුණු 16ක්ද, Nathan Reardon නොදැවී ලකුණු 11ක්ද ඕස්ට්‍රේලියාව වෙනුවෙන් රැස් කළා.

පන්දු යැවීමේදී ශ්‍රී ලංකා මාස්ටර්ස් කණ්ඩායමේ ඉසුරු උදාන, චතුරංග ද සිල්වා, අසේල ගුණරත්න, ධම්මික ප්‍රසාද් එක් කඩුල්ල බැගිනුයි දවා ගත්තේ.

ඉන් පසුව ලකුණු 218ක ඉලක්කයක් හඹා යමින් පිටි හරඹයක යෙදුණු ශ්‍රී ලංකා මාස්ටර්ස් කණ්ඩායම පන්දුවාර 19යි පන්දු 2ක් අවසානයේ කඩුළු 07ක් දැවී ලකුණු 222ක් රැස් කර ගනු ලැබුවා.

එහිදී අගනා ඉනිමක් ක්‍රීඩා කළ උපුල් තරංග ලකුණු 102ක්ද, ළහිරු තිරිමාන්න ලකුණු 53ක්ද, සීක්කුගේ ප්‍රසන්න ලකුණු 16 ක් සහ ඉසුරු උදාන ලකුණු 15ක් බැගිනුයි කණ්ඩායමේ ඉහළම ලකුණු රැස් කර ගත්තේ.

පන්දු යැවීමේදී Ben Laughlin කඩුළු 03ක්ද, Daniel Christian කඩුළු 02ක්ද, Xavier Doherty සහ Ben Hilfenhaus එක් කඩුල්ල බැගින් දවා ගත්තා.

Latest articles

කේරළ ගංජා තොගයක් මන්නාරම වෙරළේ බෝට්ටුවක

මන්නාරම පේසාලේ වෙරළ ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක දී කේරළ ගංජා කිලෝ 218ක් සහ...

ගැරඬිඇල්ලේ බස් අනතුරින් තුවාල ලැබූවන් තවමත් රෝහලේ – කිහිපදෙනෙකුගේ තත්ත්වය බරපතලයි

කොත්මලේ ,රම්බොඩ, ගැරඬිඇල්ල ප්‍රදේශයේදී සිදුවූ බස් රථ අනතුරින් තුවාල ලැබූ 40කට අධික පිරිසක් තවදුරටත්...

ඇෆ්ගනිස්තානයේ චෙස් ක්‍රීඩාව තහනම්

ඇෆ්ගනිස්තානයේ තලේබාන් රජය විසින් චෙස් ක්‍රීඩාව නැවත දැනුම් දෙන තුරු තහනම් කර තිබෙනවා. ඒ චෙස්...

අමෙරිකාව සහ චීනය තීරුබදු කප්පාදු කිරීමේ ගිවිසුමකට එකඟ වෙයි

අමෙරිකාව සහ චීනය අන්‍යෝන්‍ය තීරුබදු කප්පාදු කිරීමේ ගිවිසුමකට එකඟ වූ බව ප්‍රකාශ කර තිබෙනවා. එක්සත්...

More like this