ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර උසස් අධ්‍යාපන සහයෝගීතාව පිළිබඳ ව දිගු ඉතිහාසයක් පවතින බව උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා පවසා තිබෙනවා.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (28) කොළඹ ගලදාරි හෝටලයේ පැවති “භාරත් – ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල සමුළුව” ( Bharat Sri Lanka Higher Education Summit) අමතමින්.
ඉන්දියානු විශ්වවිද්‍යාල සංගමය (AIU) මගින් සංවිධාන කරන ලද මෙම සමුළුව සඳහා ඉන්දියානු , ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල රැසක නියෝජිත පිරිස් සහභාගී වුණා.
දෙරට අතර උසස් අධ්‍යාපන අවස්ථා වර්ධනය කිරීමෙහි ලා ගත යුතු ක්‍රියාමාර්ග, උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ නව ප්‍රවණතා සහ දෙරටේ උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ අන්‍යෝන්‍ය සහයෝගිතාව වර්ධනය කිරීම ආදි ක්ෂේත්‍ර රැසක් කෙරෙහි මෙම වැඩසටහනේ දී අවධානය යොමු වි තිබෙනවා.
එහි දී වැඩි දුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ, ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතීතයේ සිට ම තම ශාස්ත්‍රිය දැනුම හුවමාරු කරගෙන ඇති බවත් අතීතයේ නාලන්දාව සහ අනුරාධපුරය අතර තිබූ දැනුම හුවමාරු කිරීමේ ක්‍රමවේද ඊට සාක්ෂ්‍ය දරන බවයි.
ඒ අනුව ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර උසස් අධ්‍යාපන සහයෝගිතාවට ඉතා දීර්ඝ ඉතිහාසයක් පැවති බව කිව හැකි යැයි අමාත්‍යවරයා සඳහන් කලා.
මෙම සමුළුව එම ඓතිහාසික උරුමය ඉදිරියට ගෙන යන සන්ධිස්ථානයක් වන බවද, නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නා.