චීන ලිත් ක්‍රමයට අනුව නයාගේ වසර ලෙස හැඳින්වෙන 2025 නව වසරේ උදාව හෙවත් වසන්ත උත්සවයේ ආරම්භය සැමරීම ඊයේ රාත්‍රියෙන් ආරම්භ වුණා.
ඒ ඊයේ දිනයේ උදා වූ චීන නව වසර පිළිගැනීම වෙනුවෙන් චීන මාධ්‍ය සමූහය විසින් පවත්වන “වසන්ත උත්සව ගාලා” ප්‍රසංගය බෙයිජිං වේලාවෙන් (ඊයේ) රාත්‍රී 8 ට ගෝලීය ප්‍රේක්ෂකයින් වෙත මුදා හැරීමත් සමඟයි.
චීන සංස්කෘතියට අනන්‍ය වූ චමත්කාරයන්ගෙන් සපිරි මෙම සුවිශේෂී වසන්ත උත්සව ප්‍රසංගයත් සමඟයි ඔවුන් සිය නව වසර පිළිගනු ලබන්නේ.
අති නවීන තාක්ෂණික ප්‍රයෝග සමඟින් විචිත්‍රවත් වූ දැවැන්ත වේදිකාවන්හි රඟ දැක්වෙන අංග රැසකින් සමන්විත මෙම ප්‍රසංගය, වසන්ත උත්සවය සහ චීන සංස්කෘතියේ අසිරිය පිළිබඳ නැවුම් ප්‍රාසාංගික අත්දැකීමක් ලොවට සමීප කිරීම විශේෂත්වයකි.
ලොව 200කට අධික රටවල් හා කලාපයන් හි 3000 ඉක්ම වූ මාධ්‍ය ආයතන ඔස්සේ විකාශය කෙරෙන මෙම “වසන්ත උත්සව ගාලා ප්‍රසංගය” ලොව වැඩිම ප්‍රේක්ශක පිරිසක් නරඹන ලද අලුත් අවුරුදු සංස්කෘතික හා කලාත්මක වැඩසටහන බවට ද වාර්තා අතරට එක්ව තිබෙනවා.
මෙහි ඇති ඓතිහාසික වටිනාකම නිසාවෙන්ම පසුගිය වසරේ දී මෙම චීන වසන්ත උත්සවය අස්පෘශ්‍ය සංස්කෘතික උරුම ලැයිස්තුවට ද ඇතුළත් කෙරුණා.
ඉන් අනතුරුව පැවැත්වෙන පළමු වසන්ත උත්සවය මෙය වීම මේ වසරේ චීනයට තවත් සුවිශේෂී අවස්ථාවක් බව සඳහන්.