මෙරට පාසල්වල 6 ශ්‍රේණියෙන් ඉහළ සිසුවියන් ගේ සනීපාරක්ෂක ගැටළුවලට විසඳුම් ලබාදීම අරමුණු කරගත් සාකච්ඡාවක් අද (22)දින අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවියගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවැත්වුණා .
මේ සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයේ සෞඛ්‍ය හා පෝෂණ ශාඛාවේ අධ්‍යක්ෂකවරිය හා එම ශාඛාවේ නිලධාරීන්, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ නියෝජ්‍ය අධ්යක්ෂ සහ සනීපාරක්ෂකතුවා නිර්මාණය සඳහා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ සහතිකලත් ප්‍රධාන සමාගම් 4ක නියෝජිතයින්ද එක්ව සිටියා.