ශ්‍රී ලංකාවේ වෘත්තීය අධ්‍යාපන සහ පුහුණු අවස්ථා ඉහළ නැංවීමට අගමැතිනිය ලෝක බැංකු නියෝජිතයින් සමඟ සාකච්ඡා පවත්වා තිබෙනවා.
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය සහ ලෝක බැංකුවේ දකුණු ආසියානු කලාපයේ උප සභාපති Martin Raiser මහතා අතර හමුවක් ඊයේ (21) පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වුණා.
අධ්‍යාපනය, ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සහ රටේ ප්‍රධාන සංවර්ධන ප්‍රමුඛතා පිළිබඳව මෙන්ම ජාතික අභියෝගවලට මුහුණ දීමේ සහ රටතුළ තිරසාර ප්‍රගතියක් අත්කර ගැනීම පිළිබඳව මෙහිදී අවධානය යොමු වි ඇති බව සදහන්.
මෙරට තාක්ෂණික, වෘත්තීය අධ්‍යාපන සහ වෘත්තීය පුහුණුව (TVET) තුළ ගුණාත්මකභාවය ඉහළ නැංවීම පිළිබඳව මෙම සාකච්ඡාවේදී අවධානය යොමු වි තිබෙනවා.
සිසුන් සඳහා විවිධ වෘත්තීය මාර්ග නිර්මාණය කිරීම සඳහා පාසැල් අධ්‍යාපනය සමඟ වෘත්තීය අධ්‍යාපනය ඉගැන්වීමේ වැදගත්කම දෙපාර්ශවයම මෙහිදී අවධාරණය කළා.
ශ්‍රම බලකායේ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සහ ආර්ථික ක්‍රියාකාරකම් සඳහා කාන්තාවන් සහභාගී කර ගැනීම වැඩි දියුණු කිරීම සඳහා ප්‍රතිපත්තිමය මැදිහත්වීම්වල අවශ්‍යතාවය පිළිබඳව ද අවධානය යොමු කර තිබෙන බව සදහන්.
අධ්‍යාපනය, ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සහ කලාපීය සංවර්ධනය ඉහළ නංවන තිරසර විසඳුම් සඳහා සහයෝගයෙන් කටයුතු කිරීමට ශ්‍රී ලංකාව සහ ලෝක බැංකුවේ අන්‍යෝන්‍ය කැපවීම මෙම සාකච්ඡාවේදී තහවුරු වි තිබෙනවා.