දකුණු කොරියානු ජනපති අත්අඩංගුවට

Published on

දකුණු කොරියානු ජනාධිපති යූන් සුක් යෝල් එරට දූෂණ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුගිය දෙසැම්බර් මාසයේදි රට තුළ යුද නීතිය ක්‍රියාත්මක කිරීමට ඔහු විසින් යෝජනා ගෙන ඒමත් සමග රට තුළ කැරැල්ලක් නිර්මාණය වුණා.

⁣මෙම චෝදනාවලට අදාළව ඔහු ධුරයෙන් ඉවත් කිරීම සඳහා නඩු පැවරුණු අතර ඊයේ දිනයේ ඔහු අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව යළි දීර්ඝ කරනු ලැබුවා.

මේ මස මුලදීද ජනාධිපතිවරයා අත්අඩංගුවට ගැනීමට ආරක්‍ෂක අංශ උත්සාහ කළද එය අසාර්ථක වුණා.

මේ අනුව ජනාධිපතිවරයාගේ ආරක්ෂක කාර්ය මණ්ඩලය සහ ආධාරකරුවන් සමඟ පැය ගණනාවක් තිස්සේ පැවති ගැටුමකින් පසුව දූෂණ විමර්ශන අංශයේ නිලධාරින් විසින් ඔහු අත්අඩංගුවට ගත් බවයි පැවසෙන්නේ.

දකුණු කොරියානු ජනාධිපතිවරයෙකු අත්අඩංගුවට ගත් පළමු අවස්ථාව මෙය වීමද විශේෂත්වයක්.

Latest articles

ජනපති අනුර හා චීන ජනපති අතර නිල හමුව ඇරඹෙයි

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ චීන ජනාධිපති ෂී ජින් පිං (Xi Jinping) මහතා...

ඕස්ට්‍රේලියානු තරඟ සංශෝධනයට ශ්‍රී ලංකාවේ කැමැත්ත

ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනයෙන් කරන ලද ඉල්ලීම සලකා බලා ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ...

වෙලේසුදා ඇතුළු තිදෙනෙකුට වසර 8ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්

හෙරොයින් මත්කුඩු ජාවාරම තුළින් උපයාගත් රුපියල් කෝටි ගණනක දේපළ සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත...

ජනපති අනුර මාඕ සේතුං ස්මාරකයට ආචාර දක්වයි

චීන ජනාධිපති ෂී ජින් පිං (Xi Jinping) මහතාගේ ආරාධනයකට අනුව චීනයේ රාජ්‍ය සංචාරයක නිරත...

More like this